-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහතත්මියගේ මාධ්‍ය අංශයේ නිලධාරිණියක් යැයි පවසමින් වෙන්නප්පුව ශුද්ධ වු පවුලේ ප‍්‍රාථමික විදුහලේ පළමු වසරට දැරියක ඇතුළත් කර දෙන බවට පොරොන්දු වී දංකොටුව ගෝනවිල ප‍්‍රදේශයේ යුවළකගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් වංචා කළ බව කියන කාන්තාවක් අද (03) සවස වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම, වරාහේන ප‍්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවකි. 

වෙන්නප්පුව ශුද්ධ වු පවුලේ ප‍්‍රාථමික විදුහලේ විදුහල්පතිනි බිටා තිසේරා කන්‍යා සොයුරිය හමුවි ඇති එම කානන්තාව තමා රුපවාහිනි සේවයක කාන්තා වැඩසටහන් නිෂ්පාදකවරියක් බවත් ළමා වැඩටහනක් සැකසිමට අවශ්‍ය බව පවසමින් විදුහල්පතිනිය සමග හිතවත්වී ඇති බවත් පොලීසිය කියයි. 

එම කාන්තාව දංකොටුව, ගෝනවිල ප‍්‍රදේශයේ පදිංචි යුවළකගෙන් තම දැරිය 2013 වසරට ඇතුළත් කරවා දෙන බවට රවටා වරින්වර රපියල් දෙලක්ෂයක මුදලක් සැකකාරියගේ බැංකු ගිණුමට බැර කරවා ගෙන ඇත. 

තම දැරිය පාසලට ඇතුළත් කිරීම ප‍්‍රමාද ඇයි දැයි විදුහල්පතිනි කන්‍යා සොයුරියගෙන් දැරියගේ පියා විමසිමේදී මෙම වංචාව ගැන තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ අනූව දැරියගේ පියා වෙන්නප්පුව පොලීසියට පැමිණිලි කර තිබේ. 

එම පැමිණිල්ලට අනුව සැකකාරිය වෙන්නප්පුව ප‍්‍රදේශයට ගෙන්වා අත්අඩංගුවට ගෙන ඇත. 

සැකකාරිය තවත් මෙවැනි වංචා සිදුකර ඇත්දැයි ප‍්‍රශ්න කරගෙන යන අතර ඇය හෙට මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

වෙන්නප්පුව මුලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙස් අනුව පොලිස් පරික්ෂක ගාමිණි සිරිවර්ධන මහතා වැඩිදුර පරික්ෂණ පවත්වයි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos