-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

‘අනිත්‍යා’ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් අතරට පැමිණි මැණික් විජේවර්ධන නම් සොඳුරු සිතැත්තිය මේ මෑතකදී දවසක ෆේස්බුක් එකේ හරි අමුතු වැකියක් දාලා තිබුණා. මැණික් එක්ක කතා කළේ ඒක දැනගන්නත් එක්ක.


මැණික් රූපාන්තර චිත්‍රපටයෙන් දැක්කා?
ඔව්. මම රූපාන්තර චිත්‍රපටයේ ගරු රඟපෑමක් වගේ කරන්නේ.

මෑතකදී වැඩිය දැක්කේ නැහැ?
අසනීපෙන් හිටිය නිසා. ඒ නිසා වැඩ භාරගත්තේ නැහැ. ගෙදරට වෙලා හිටියා.

අසනීප තත්ත්වයක් කිව්වේ?
ඔපරේෂන් එකක් කළා.

රඟපාපු පළමුවැනි චිත්‍රපටයෙන්ම ජනප්‍රිය වුණා නේද?
ඔව්. ඒක වාසනාව.

ඒ චිත්‍රපටයේදී ඇඟ පෙන්වලා ජනප්‍රිය වුණා කියලා තමයි ගොඩක් අය කියන්නේ?
මම ඒ චිත්‍රපටයේ ඇන්දේ කොට කලිසමකුයි, නයිටියකුයි විතරයි.

ඉතින් ඒ ඇතිනේ ඒ වගේ කතාවක් කියන්න?
ඇයි මම විතරද කොට අඳින්නේ? මම මේ විදිහට තමයි ගෙදරටත් අඳින්නේ. ඒක මගේ සමාජ ක්‍රමයේ හැටි.

ඔයාගේ සමාජ ක්‍රමය හැමෝටම හරියන්නේ නැහැනේ?
මම අඳින් ඇඳුම දිහා බලලා එක එක දේවල් කියන අයගේ හිත්වල තමයි කුණු තියෙන්නේ.

‘අනිත්‍යා’ චිත්‍රපටයට වැඩිහිටියන්ට පමණයි කියලා ‍ලේබල් ඇලවුණා නේද?
ඔව්, ඔව්. මටත් යාළුවෝ කෝල් කරලා කිව්වා පිටකොටුවේ විකුණන අනිත්‍යා චිත්‍රපටයේ CD තැටියේ කවරේ එහෙම අලවලා තියෙනවාලු.

ඇත්තටම එහෙම දර්ශන හැංගිලාවත් තිබුණාද?
නැහැ. අනිත් චිත්‍රපටවල මීට වඩා දේවල් තියෙන්නේ.

මොකක්ද මේ ඔයාගේ ෆේස්බුක් එකේ තිබුණු කතාව?
මොකක්ද?

මගේ හදවත කඩා වැටිලා කියලා?
ආ... ඔව්.. ඔව්.

දැන් හදවත කඩා වැටිලාද?
ආ... ඒක මගේ යාළුවෝ සහ ආදරවන්තයා එක්ක වුණු ප්‍රශ්නයක්.

දැන් ඉතින් ප්‍රශ්නේ විසඳුණාද?
ඔව්. දැන් විසඳිලා.

පෙම්වතා තාමත් ඔයා එක්කද?
ඔව්. ඔව්. මගේ ළඟින් ඉන්නවා.

ගොසිප් මවන්න නම් ඔය වගේ වැඩ නියමයි?
නැහැ. ඒ වෙලාවේ මට හිතුණ දේ තමයි මම කළේ. සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් මම කරන්නේ නැහැ.

සාමාන්‍යයෙන් නොකරන ඒවා කරන එක නිළියකට හොඳ මදි වගේ නේද?
මම කොහොමවත්ම කැමැති නැහැ මම නිළියක් කියනවාට. මම සාමාන්‍ය කෙනෙක්. මම මැණික් එච්චරයි. මම ෆේස්බුක් එකේ පින්තූර දාන්නෙත් හදලා ‍නෙවෙයි.

එහෙනම් කොහොමද නිළියක් වුණේ?
මම නිළියක් වුණේ ආසාවට.

ඒ කියන්නේ නිළිකමින් ඔයා හම්බ කරන්නේ නැහැ?
නැහැ. මේ නිළිකමින් මම කාලත් නැහැ, ඇඳලත් නැහැ.

මේ ක්ෂේත්‍රයේ ඉන්න පිරිමි පාර්ශ්වයෙන් අනිසි යෝජනා ආපු නිළියන් අතරට ඔයත් වැටෙනවා කියලා තමයි කට්ටිය කියන්නේ?
ම්... චිත්‍රපට ක්ෂේත්‍රයෙන් එහෙම අයුතු යෝජනා ඇවිත් නැහැ.

ඇයි අනිත් ක්ෂේත්‍රවලින් අයුතු යෝජනා ඇවිත් තියෙනවාද?
මෙහෙමයි. අපි බත් කනකොට ඕන කෙනෙක්ට පුළුවන් ඕන දෙයක් බෙදන්න. ඒත් අපි දැන ගන්න ඕනේ කන්න ඕනේ මොනවාද කියලා.

මැණික් රාත්‍රී සමාජ ශාලාවලට යනවාද?
ඔව්. මම යනවා. මම යන්නේ මගේ හොඳම යාළුවෝ එක්කයි, මගේ සහෝදරියෝ එක්කයි.

රාත්‍රී සමාජ ශාලාවලට යන්නේ ඇයි?
මගේ ඔළුව නිදහස් කරගන්න තියෙන හොඳම තැනක්. හැමදාම යන්නේ නැහැ. ඉඳලා හිටලා ගිහින් පැයක් දෙකක් ඉඳලා එනවා.

රාත්‍රී සමාජ ශාලාවලට යන්න ගෑනු ළමයින්ට එච්චර හොඳ නැහැ නේද?
මම ඒවාට ගිහින් බිලා පිස්සු නටන්නේ නැහැනේ. එහෙම යන එකේ වැරැද්දක් තියෙන්නේ අපි බිලා පිරිමි කෙනෙක් එක්ක එළියට ගියොත්නේ. අපි එහෙම කරන්නේ නැත්නම් එතැන වරදක් නැහැ.

කියන තරම් නරක නැද්ද ඔය කියන තැන්?
මොකද නැත්තේ? නරක දේවලුත් ඒවායේ ඇතුළේ වෙනවා තමයි.

නිළියක් වුණාම මත්පැන් පානය කරන්නම ඕනද?
නැහැ. එහෙම නැහැ.

එතකොට සමාජය ආශ්‍රය කරන්න බැහැ කියලා ගොඩක් අය හිතනවා?
කවුද එහෙම කියන්නේ? එහෙම නැහැ.

ඔයා මත්පැන් පාවිච්චි කරන්නේ නැද්ද?
නැහැ.[

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos