-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කළ සිවුවැනි චිත්‍රපටය වන 'ආකර්ෂා' හි සංස්කරණ කටයුතු මේවන විට සිදුකරමින් පවතින බව වාර්තා වේ.
මේ සිනමා පටය මේවසරේ අවසන් කාලයේදී හෝ ලබන වසරේ මුල දී තිරගවීමට නියමිතය.
සුනෙත් මේ සිනමා පටයේ ප්‍රධාන නිළියට තෝරාගෙන ඇත්තේ ලංකාවේ උපන් තවත් බොලිවුඩ් නිළික් වන අන්චල් සිං (Anchal Singh)ය.
ලංකාවේ උපන්නත් ඇය හැදී වැඩී ඇත්තේ දිල්ලියේය, චන්ද්‍රිගාර් හා බැංගලෝරයේය.
ඇය වසරක කාලයක් තුලදී රූපවාහිනී වෙළෙඳ දැන්වීම් 60කට  පෙනී සිටීම විශේෂ සිද්දියකි.
අන්චල් මීට පෙරද සිංහල සිනමා පටකට දායකවී සිටි අතර ඇය එසේ දායක වූයේ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ යශෝධරා දේවියගේ චරිතයටය.
කෙසේවුවද මෙහි අන්චල්ට පෙර ප්‍රධාන නිළියගේ භූමිකාවට තෝරාගෙන සිටියේ තවත් ඉන්දීය නිළියක් වන පූජා උමාශංකර්ය.
පූජා පළමු වරට ස්වකීය කට හඞින්ම මේ සිනමා පටයේදී දෙබස් කැවීමට සූදානම්ව සිටියාය.
ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමා පටයේ අධ්‍යක්ෂ සමන් විරමන් මෙහි තිර රචනය හා උපදේශක අධ්‍යක්ෂණය සිදුකර තිබේ.
ආකර්ෂා සිනමා පටය රූගතකර ඇත්තේ දින 35ක් තුළදීය.
එසේම එහි ගීත 5ක් ඇතුළත්ව ඇති බවත්, රූගත කළ දර්ශන ගණන 148ක් බවත් පැවසේ.
යුද හමුදාපතිවරයාගේ පුත්‍රයා වන යසස් රත්නායක මේ සිනමා පටයේ ප්‍රධාන නළුවාගේ භූමිකාවට පණපොවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week