-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අතුරුදන් වූ මැලේසියා යානය වනාන්තරයකට ඉහළින් ගමන්කරන ආකාරය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක් තායිවාන් විශ්වවිද්‍යාලයක  ශිෂ්‍යකු විසින් ටොම්නොඩ් නමැති වෙබ් අඩවියක තිබී සොයාගෙන ඇතැයි ඩේලි මේල් පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත. ටොම්නොඩ් වෙබ් අඩවිය සිතියම් සෙවීමට භාවිතා කරන්නකි. අතුරුදන් වූ යානය සොයා ලක්ෂයකට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් ම චන්ද්‍රිකා ඡායාරූප සහිත විවිධ වෙබ් අඩවි ගවේෂණය කරමින් සිටිති.
මැලේසියාවේ බලධාරීන් පවසන්නේ මේ ඡායාරූපයේ සත්‍යතාව මෙතෙක් තහවුරු කැර නැති බවයි. මාලදිවයින් රාජ්‍යයට අයත් 'දාලු' දූපතේ ගැමියන් පවසන්නේ මැලේසියා ගුවන් සේවයේ සළකුණ සහිත සුවිසල් යානයක් තම හිසට ඉහලින් ඉතා පහළින් යනු දුටු බවයි. මෙය දැක ගැනීමට හැකි වූයේ සෙනසුරාදා උදෑසන බව ද ඔවුහු කියති. මාධ්‍යයට මේ ගැන ප්‍රකාශ කරන ධීවරයකු කියා ඇත්තේ සී ප්ලේන් නිතර නිතර පහතින් ගියත් මෙවැනි යානයක් පහතින් ගමන් කරනු දුටු ප්‍රථම අවස්ථාව මෙය බවයි.
පරීක්ෂණ පවත්වන මැලේසියා බලධාරීන් කියා සිටින්නේ නියමුවා පැවසූ අවසන් වදන වන ''සියල්ල හොදින්, සුබ රාත්‍රියක්" යන්න පැවැසීමට විනාඩි 12ට පමණ පෙර ඔහු ගුවන් යානයේ ගමන් මග වෙනස් කිරීමට තීරණය කරන්ට ඇති බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week