-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මාතර අධිවේගයේ බස් රථ ධාවනයට ටෙන්ඩර් පටිපාටියකින් තොරව ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා හිතතවත් බස් හිමියන් කිහිපදෙනෙකුට බලපත්‍රලාබදී ඇති බව පවසමින් අල්ල්ස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිලි කර තිබේ.
අදාල පැමිණිල්ල ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගයේ සභාපති ගැමුණු විජේරත්න විසින් සිදුකර ඇත.
ආසන්න වශයෙන් මේ එක්  බලපත්‍රයක් රුපියල් කෝටි 3ත් 5ත් අතර වනු ඇති බවද පැවසේ.
වසර 2013 අගොස්තු 06 වැනිදා ප්‍රසිද්ධ දැන්වීමක් පලකරමින් ජාතික ගමනාගමන කොමිසන් සභාව කොට්ටාව - මාතර අධිවේගී මාර්ගයෙහි සුඛොපභෝගී බස්රථ 27ක් ධාවනය කිරීමට ටෙන්ඩර් කැඳවා තිබුණද අදාල බලපත් මෙතෙක් ලබා නොදීමෙන් බස් රථ හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' ගැමුණු විජේරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ අදාල කොමිසම කොට්ටාව - ගාල්ල අධිවේගයේ ධාවනයට මාර්ග බලපත් ලබාදීමේදී ද අක්‍රමකතා සිදුකර ඇති බවයි.
මේවන විට එලෙස ලබාදුන් බලපත්‍ර 8ක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් පරීක්ෂණයක් කරන බවද හෙලි කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos