-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියා කරන මෝටර් රථ ප්‍රචලිත කිරීම සඳහා ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය විශේෂ තීන්දුවක් ගෙන තිබෙන අතර ඒ සඳහා සහයෝගය ලබාගැනීම සඳහා මුදල් අමාත්‍යංශයේ ප්‍රධානීන් සමග අද පස්වරුවේදී සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් වේ.
මෙහිදී, ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටීමට සූදානම් වන්නේ මෙම මෝටර් රථවල බැටරිය ආරෝපණය කිරීමට රටපුරා පිහිටි සිපෙට්කෝ පිරවුම්හල් 50 ක ආරෝපණය කිරීමේ යන්ත්‍ර ස්ථාපිත කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි.
‘ජපානයේ ආයතන වලින් මෙම ආරෝපණය කිරීමේ යන්ත්‍ර අපිට ලබාගන්න පුළුවන්. රජයෙන් අපි ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන්නේ ඒවා බදු සහන මත මෙරටට ගෙන්වීමටත් ඒවා සිපෙට්කෝ පිරවුම්හල්වල සවි කිරීමටත් අවස්ථාව දෙන්න කියලයි’
යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ ලේකම් කීර්ති ගුණවර්ධන මහතා අප සමග පැවසීය.
සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියාකරන පාවිච්චි කළ ජපාන මෝටර් රථ මෙරටට ගෙන්වීමට ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය මෙහිදී අදහස් කර තිබේ.
මෙම මෝටර් රථවල බැටරිය ආරෝපණය කිරීමට රට පුරා පිහිටුවීමට යෝජනා කර තිබෙන මෙම යන්ත්‍ර වලින් එවැනි බැටරියක් විනාඩි 04 කින් පමණ ආරෝපණය කිරීමට හැකි බවත් එසේ ආරෝපණය කළවිට කිලෝ මීටර් 160 ක් පමණ ධාවනය කළ හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos