-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සිය දියණියට අතවර කිරීමේ චෝදනාව මත බන්ධනාගාර ගත කරනු ලැබූ පියකු ගල්ගමුව අධිකරණය තුළදීම ඊයේ (20 වැනිදා) දහවල් තියුණු ආයුධයකින් ගෙල කපාගෙන ඇති අතර අසාධ්‍ය තත්ත්වයෙන් ඔහු කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.

සැකකාර පියා වසරකට වැඩි කාලයක සිට තම 13 හැවිරිදි දියණියට අතවර කර ඇත්තේ ඇය බියට පත්කරගෙනය.

මේ පිළිබඳව දියණිය තම මවට දැනුම් දීමෙන් පසු ගල්ගමුව පොලිසිය වෙත පැමිණිල්ලක්‌ ලැබී තිබේ.

ඒ අනුව සැකකාර පියා ගල්ගමුව පොලිසිය මගින් පෙරේදා (19 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකාර පියා තම දියණිය සහ බිරිඳ බියට පත්කරගෙන ඔවුන් විවිධ අතවරයන්ට ලක්‌කර ඇති බව පරීක්‍ෂණවලදී හෙළි විය.

ගොවිතැන් කටයුතුවල යෙදෙන ඔහු ඇතැම් දිනවලදී දියණිය හේනට රැගෙන ගොස්‌  එහිදීද අතවර කර ඇති බව පොලිසිය පවසයි.

සැකකාර පියා ගල්ගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන අප්‍රේල් මස 03 වැනිදා වනතුරු රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර ඔහු ඊයේ දහවල් 12.05 ට පමණ අධිකරණයේ විත්ති කූඩුවේදීම තම ගෙල කපාගෙන ඇත.

අසාධ්‍ය තත්ත්වයෙන් සිටි සැකකරු ගල්ගමුව රෝහලටත් එතැනින් කුරුණෑගල රෝහලටත් මාරු කර යවා තිබේ.

ගල්ගමුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos