ලාෆ් ගෑස් සමුහයට අයත් ලාෆ් පවර් සමාගම විසික් රන්මුදු ඔය කුඩා ජල විදුලි බලාගාරයේ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි එම සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත ඊයේ (20) නිවේදනය කර ඇත.
පසුගිය මාර්තු 17 වැනිදා එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බවද අදාල නිවේදනයේ දැක්වේ.
මේ බලාගාරය බලංගොඩ ප්‍රදේශයේ මෙය පිහිටා ඇති බවද පැවසේ.
ලාෆ්ස් පවර් ලිමිටඩ් සමාගම, ලාෆ්ස් ගෑස් පීඑල්සී හි පූර්ණ පරිපාලිත සමාගමකි.
මේ අතර ලාෆ්ස් ගෑස් පීඑල්සී මෙරට සංචාරක කර්මාන්තය වෙත ද මේ වසරේ ඇතුළු විය.
ඒ අධි සුඛෝපභෝගී හෝටලයක් වන අනන්තය රිසෝර්ට් ඇන්ඩ් ස්පා සංචාරක නිකේතනය පසුගිය පෙබරවාරි 15 වැනිදා විවෘත කිරීම හරහාය.
අදාල නිවේදනය පහත දැක්වේ.