-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රත්මලාන තෙලවල යෝගාශ්‍රම ප්‍රදේශයේ නිවසකට ඊයේ (19 වැනිදා) දහවල් මුහුණ ආවරණය කර හෙල්මටයක්‌ සහ ජැකට්‌ටුවක්‌ පැළඳ ඇතුළු වී කාන්තාවකට පිහියෙන් ඇන රන් මාලය කඩාගත් සැකකරුවකු එම කාන්තාව මහත් පරිශ්‍රමයක්‌ දරා අල්ලාගෙන ඇත.

සැකකරු දහවල් 12.00 ට පමණ තහඩු සහ යකඩ කැබලි එකතු කිරීමේ මුවාවෙන් ගෙවත්තට පැමිණ නිවෙසේ අයට කතාකර කිසිවකු නොමැති යෑයි සිතා ගෙතුළට ගොස්‌ ඇත.

එහිදී කාන්තාව නිවස තුළ සිට සැකකරු දැක බිය වීමත් සමග සැකකරු ඇයට පිහියෙන් ඇන ඇගේ ගෙළ බැඳි රන්මාලය කඩාගෙන පළා යැමට උත්සාහ කර තිබේ.

මෙහිදී කාන්තාව සැකකරු සමග පොර බදා සැකකරු අල්ලාගෙන අසල්වැසියන්ට දැනුම් දී තිබේ. අසල්වැසියන් සැකකරුට සංග්‍රහයක්‌ද කර ගසක ගැටගසා ගල්කිස්‌ස පොලිස්‌ ස්‌ථානය වෙත දැනුම් දී තිබේ.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මත්කුඩුවලට ඇබ්බැහි වූවෙක්‌ බව හඳුනාගෙන ඇති අතර ගල්කිස්‌ස කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී රවීන්ද්‍ර කරවිට මහතාගේ උපදෙස්‌ මත ගල්කිස්‌ස මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඩබ්ලිව්. එම්. චන්ද්‍රතිලක මහතාගේ මෙහෙයවීමෙන් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. තුවාල ලැබූ කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos