-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


තලංගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියක කටඋත්තරයක්‌ ලියා ගනිමින් සිටියදී පොලිසියේ තාප්පයෙන් පැන පලාගිය සැකකරුවකුගේ මළ සිරුරක්‌ පෙරේදා (22 වැනිදා) උදේ බත්තරමුල්ල අකුරේගොඩ වැව අසල කැලෑ රොදක වූ කැන්ද ගසක එල්ලෙමින් තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස්‌ ඇත්තේ හෝකන්දර, සිංහපුර පදිංචිව සිටි රාසයියා සුභාෂ් කුමාර (29) නමැති එක්‌දරු පියෙක්‌ බව පොලිසිය කියයි.

මෙම සැකකරු හෝකන්දර ප්‍රදේශයේ කාන්තාවක නාන කාමරයේ නාමින් සිටියදී නිවසට ඇතුළු වී එය බැලුවැයි ඇය විසින් ඔහුට පහර දී ඇත. එහිදී එම පුද්ගලයාද ඇයට පහරදී යතුරුපැදියේ නැග පලාගොස්‌ තිබිණි. මේ අවස්‌ථාවේ යතුරුපැදි අංකය ලියා ගත් කාන්තාව පසුව සිද්ධිය ගැන තලංගම පොලිසියට පැමිණිලි කරමින් සැකකරු පලාගිය යතුරුපැදියේ අංකයද පොලිසියට ලබාදී තිබිණි.

ඒ අනුව විමර්ශන සිදුකර සැකකරු තලවතුගොඩ සපත්තු නිෂ්පාදනය කරන ස්‌ථානයකදී කොටුකරගෙන පසුගිය 21 වැනිදා පොලිස්‌ ස්‌ථානයට 
රැගෙන විත් තිබේ.

එහිදී එම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියක සැකකරුගෙන් සිද්ධිය සම්බන්ධව කටඋත්තර ලබාගනිමින් සිටියදී එක්‌වරම පොලිසියේ අඩි හතක්‌ උසැති තාප්පයකින් පැන පලාගොස්‌ තිබිණි. පොලිසිය සැකකරු සොයා මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළ ද ඔහු සොයා ගැනීමට නොහැකි වී තිබිණි.

පොලිසිය සැකකරු සොයමින් සිටියදී ලද තොරතුරකට අනුව ඔහුගේ සිරුර මෙසේ කැන්දගසක එල්ලෙමින් තිබියදී සොයා ගත් බව පොලිසිය පවසයි.

මියගිය සැකකරුගේ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය කඩුවෙල වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා විසින් පැවැත්වීය.

මියගිය සැකකරුගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පෙරේදා (22 වැනිදා) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී පැවැති අතර එහිදී එම මරණය ගෙල වැලලා ගැනීමෙන් සිදුකරගත් සියදිවි නසාගැනීමක්‌ බවට තීරණය විය.

මේ පිළිබඳව තලංගම පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මංජු ලලිත් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක අතපත්තු මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ සැරයන්වරුන් වන දයාරත්න (2606), ජයතිස්‌ස (50173) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos