-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තම පෞද්ගලිකත්වයටද බාධා කරමින් ආණ්ඩුවේ ඔත්තු සේවා තමන් ගැන දිගටම සිදු කරන ඔත්තු බැලීම සහ තොරතුරු රැස් කිරීම නිසා තම ආරක්ෂාවටද දැඩි තර්ජනයක් එල්ල වී ඇතැයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් කියා සිටී.
එම ක‍්‍රියාකාරකම් නිසා තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති අතර නිදහසේ ජීවත්වීමට ඇති අයිතියටද බාධා පැමිණ ඇතැයි ඇය සඳහන් කරයි.
තමා යන එන තැන් සහ හමුවන පුද්ගලයන් පිළිබඳව දිගින් දිගටම සිදු කෙරෙන මෙම ඔත්තු බැලීම් තමාට එරෙහිව ක‍්‍රියා මාර්ගයක් ගැනීමට සැලසුම් සකස් කිරීමක් බවට සැකයක් මතු වන බවද කුමාරතුංග මහත්මිය කියා සිටීි.

ජනාධිපති කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වන රජයේ රහස් තොරතුරු සේවා තමාගේ දුරකතන ඇමතුම් හා විද්‍යුත් තැපැල් පණිවුඩ පිළිබඳව නිරන්තර විමසිල්ලෙන් පසු වන අතර කොළඹ හා හොරගොල්ලේ පිහිටි තම නිවෙස් පිළිබඳව සෝදිසියෙන් සිටින බවද කුමාරතුංග මහත්මියගේ ලිපියේ සඳහන් කර ඇත.

තම නිවෙසට යන එන මිතුරන්ගෙන් හා තමා නැවතී සිටින හෝටල්වල කළමනාකාරීත්වයෙන් රහස් තොරතුරු කාර්යාංශ නිළධාරීන් නිරන්තරයෙන් තොරතුරු විමසන අතර මේ නිසා තමාට හෝටලයක පෞද්ගලික සාදයකට හෝ සහභාගි විය නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද ඇය කියා සිටී.

තමා පෞද්ගලික ගමනක් සඳහා ඉකුත් දිනක කුරුණෑගලට ගිය අවස්ථාවේදීත් විදෙස් මිතුරන් පිරිසක් සමඟ අනුරාධපුරයේ සංචාරය කළ අවස්ථාවේදීත් බුද්ධි අංශ ඒ පිළිබඳව නිරන්තර සෝදිසියකින් පසු වූ අතර කුරුණෑගල රහස් තොරතුරු අංශ නිළධාරියා තමාගේ මිතුරන් හමු වී කරුණු විමසමින් ඔවුන්ට හිරිහැර කර තිබෙන බවත් අනුරාධපුරයේදී තමා නවාතැන් ගත් හෝටලය පැය 24 පුරාම රහස් තොරතුරු අංශ නිළධාරීන්ගේ විමසිල්ලට ලක් වී තිබූ බවත් කුමාරතුංග මහත්මිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කරයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos