බොරැල්ල ප්‍රදේශයේදී හෙරොයින් මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටි කාන්තාවන් දෙදෙනෙකු බස්නාහිර පළාත් දුෂණ මර්ධන අංශය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
බොරැල්ල, සීවලීපුර ප්‍රදේශයේ දී සහ මැගසීන් පාර ප්‍රදේශයේදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී එක් සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 07යි මිලි ග්‍රෑම් 105ක් සොයාගෙන ඇති අතර අනෙක් කාන්තාව සතුව තිබී
හෙරොයින් ග්‍රෑම් 06යි මිලි ග්‍රෑම් 400 ක් සොයාගෙන තිබේ.
සැකකාර කාන්තාව 46 හැවිරිදි සහ 55 හැවිරිදි ය වන අතර අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.