-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

'මරු සිරා' ඔබට මතකද? ඔහු 1975 වසරේදී බෝගම්බර බන්ධනාගාරයේදී එල්ලා මරා දැමුවේ සීමන් නමැත්තෙකු ඝාතනය කිරීමේ වරදටයි. වසර 39කට පසු මරුසිරාගේ බිරිඳ අද එම බන්ධනාගාරය වෙත පැමිණියාය.

මරුසිරාගේ සත්‍ය නම ඞී ජේ සිරිපාලයි. ඔහු විවාහ වී සිටියේ රන්මැණිකා සමගයි. ඔවුන් අතර පේ‍්‍රමය ආරම්භ වන්නේ රන්මැණිකා විසින් පවත්වාගෙන ගිය නීීති විරෝධි මත්පැන් පෙරන ස්ථානයකදීයි.
අදින් වසර 45කට පමණ පෙර රන්මැණිකා අනුරාධපුර ප‍්‍රදේශයේ මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ගියා. ඒ වන විට රන්මැණිකාගේ පළමු සැමියා මියගොස් සිටියා.
මත්පැන් බීමට තම වාඩියට නිතර ආගිය සිරිපාල නොහොත් මරුසිරා සමග රන්මැණිකා පෙමින් වෙලෙන්නේ ඒ අනුවයි.
රන්මැණිකාගේ මියගිය සැමියාගේ සහෝදරයෙකු වන සීමන් නමැත්තා අනුරාධපුර ප‍්‍රදේශයට පැමිණ මරුසිරා සමග ඉන්පසුව ඇති කරගත් ආරෝවක් නිසා ඝාතනය සිදුවුණා.
ඒ වන විට රන්මැණිකා සහ මරුසිරා විවාහ වී සිටියා. සීමන් ඝාතනයෙන් පසුව සිරගත කෙරුණු මරුසිරා බැලීමට රන්මැණිකා නිතර නිතර බෝගම්බර බන්ධනාගාරයට පැමිණියා. එහිදී එල්ලා මරු දැමුණු තම ස්වාමි පුර්ෂයා ගැන රන්මැණිකාට කෙබදු හැගීමක් ඇත්ද?
බෝගම්බර බන්ධනාගාරය මේ වනවිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර ඇති අතර, රන්මැනිකා ද  අද බෝගම්බර බන්ධනාගාරයට පැමිනීයේ සිය සැමියා එල්ලා මරා දැමූ ස්ථානය සියසින් දැක බලා ගැනීමටයි.
ඇගේ දැන් වයස අවුරුදු හැත්තෑවක්. ඇය මාධ්‍යවේදීන් සමග පිළිසදරකට එක් වෙමින් ප‍්‍රකාශ කළේ තම සැමියා එල්ලූම් ගසට යවා මරණයට පත් කිරීමේ පුවත තමන්ට තවමත් පේ‍්‍රහේළිකාවක් බවයි.
විවිධ චෝදනාවලට ලක් වූ ඞී.ජේ සිරිපාල දරුණු අපරාධකරුවෙකු ලෙස ප‍්‍රසිද්ධිය පත් වුවද ඔහු වඩාත් මනුෂ්‍යත්වයෙන් පිරුපුන් උතුම් ගුණාංග සහිත තැනැත්තෙකු බව රන්මැණිකා මහත්මිය එහිදී  ප‍්‍රකාශ කාලය.
කෙසේ වෙතත් 1975 අගෝස්තු මස පස් වනදා ඞී.ජේ සිරිපාල හෙවත් මරුසිරාට බෝගම්බරදී මරණ දඩුවමට යටත් වීමට උරුම විය.
තවදුරටත් මාධ්‍යවේදීන් සමග සංවාදයට එක්වූ රන්මැණිකා මහත්මිය ප‍්‍රකාශ කර සිටියේ අපරාධකරුවන් වෙනුවෙන් එල්ලූම් ගස අනිවාර්යය කළ යුතු බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos