සෞදි අධිකරණයක් මගින් කස පහර 1200 ක් නියම කර සිටින සිය බිරිඳ නිදහස් කර ගැනීමට මැදිහත් වන්නැයි, සැමියෙකු බලධාරින්ගෙන් ඉල්ලා සිටී.
චන්ද්‍රසිරි වීරසේකර නමැති ඔහු නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ, ඊට අමතරව වසර 12 ක සිර දඬුවමක් ද ඇයට පනවා ඇති බව ය.
අදාළ දඬුවමට නියමව මේ වන විට ජෙඩාහි මලාස් බන්ධනාගාරයේ රඳවා සිටින ඇය නිකවැරටිය, විටිකුලිය, වදුවැස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සුනිලා මානෙල් නැමැති අදාළ කාන්තාව 2006 මැයි මාසයේදී ගෘහ සේවිකාවක ලෙස සෞදියේ රැකියාව සඳහා පිටත් ව ගොස් තිබේ.
මීට වසර කිහිපයකට පමණ පෙර සෞදි පොලීසිය මගින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ සේවය කළ නිවසේ බඩු භාණ්ඩ සොරා ගැනීමේ චෝදනාව මත යි.