-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අතුරුදන් ගුවන් යානය සම්බන්ධයෙන් මැලේසියානු කාන්තාවක විසින් කරන ලද හෙළිදරව්වක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.  
ලතීෆ් දලිහා නම් අදාළ කාන්තාව විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, පසුගිය 8 වන දා ගුවන් යානයකින් ගමන් කරමින් සිටිය දී ඉන්දියන් සාග‍රයේ අන්දමන් දූපත් ආසන්නයේදී ගුවන් යානයක කොටස් බවට සැක කළ හැකි යමක් මුහුදේ තිබෙණු තමන් දුටු බව ය.
ඇය එහිදී දුටු දේ පිළිබඳව ගුවන් සේවිකාවක දැනුවත් කළ ද ඇය එය නොසලකා හරිමින් තමන්ට නිදා ගන්නා ලෙස  පැවසූ බව ත් ඇය විදෙස් මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ.
දලිහා  විදෙස් මාධ්‍යට ලබා දී තිබූ ප්‍රකාශය …
මම ගුවන් යානයෙන් පිටත බලාගෙන ආවේ, ගුවන් යානයේදී කිසි ම වෙලාවක මට නින්ද ගියේ නැහැ. මම එහිදී ගුවන් යානයක පියාපත් සහ පිටුපස කොටස බව ට සැකකළ හැකි යමක් දුටුවා. එය දැකීමෙන් මම එකවරම පුදුමයට පත් වුණා. මා අසල නිදා සිටි ‍යහළුවො ‍අවදි කර මා දුටු දේ පැවසුවා එත් ඒ අය මට හිනා වූණා
විදෙස් මාධ්‍යට අනුව ඇය එය දැක ඇත්තේ, පසු ගිය 8 වන දා ජෙහාර් සිට ක්වාලාලම්පූර් දක්වා පැමිණෙමින් සිටිය දී එරට වේලාවෙන් පස්වරු 2.30ට පමණ ය.
තමන් ක්වාලාලම්පූර් බලා එන ගමනේදී බොහෝ නැව් දර්ශනය වූ බව ත් ඒ අතරතුර අදාළ ද්‍රව්‍ය ඇස ගැටුණු බව ත් ඇය පවසා තිබේ.
දලිහා වැඩි දුරට ත් පවසන්නේ, තමන් දුටු දේ පිළිබඳ පැවසීමෙන් පසු  පිරිස තමන් අවඥාවට ලක් කළ බව ය.
තව ද ගුවන් නියමුවෙකු ඇයට පවසා ඇත්තේ, යානය ඉතා ඉහළින් පියාසර කරමින් තිබූ නිසා ඇයට එවැනි වස්තුවක් දර්ශය වීමට හැකියාවක් නොමැති බව  ය.
දරුවන් 10 දෙනෙකුගේ මවක වන  53 හැවිරිදි දලිහා නිවසට පැමිණීමෙන් පසු ව සිය දරුවන්ට ද තමන් දුටු දේ පිළිබඳ විස්තර කර තිබේ.
බීජිං බලා පියාසර කළ මැලේසියානු ගුවන් යානයක් අතුරුදන් වීමේ පුවත ඇයට අසන්නට ලැබී ඇත්තේ, එම අවස්ථාවේදී ය.
පසු ව පොලිස් නිලධාරියෙකු වන සිය ඥාති පුත්‍රයෙකුගේ උපදෙස් මත ඇය ‍තමන් දුටු දේ සම්බන්ධයෙන් එරට පොලිස් ස්ථානයකට වාර්තාවක් ද සපයා තිබේ.
ඇය මෙම  වාර්තාව ලබා දී ඇත්තේ, අතුරුදන් මැලේසියානු යානය සොයා ඉන්දියන් සාගරයේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කිරීමට දින  5කට පෙරදී ය.
සියලු දෙනා තමන් අවඥාවට ලක් කළ ද  ආගමික කටයුත්තක් සඳහා ගොස් යළි පැමිණෙමින් සිටි තමන්ට බොරුවක් කීමේ කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ බව දලීහා විදෙස් මාධ්‍ය වෙත අවධාරණය කර තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos