අබුඩාබිහි ප්‍රසිද්ධ මුස්ලිම් දේවස්ථානයක් ඉදිරිපිට අනවසරයෙන් ඡායාරූප ගැනීමක නිරත වෙමින් සිටි පොප් ගායිකා රිහානා එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.
එම දේවස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, රිහානා අශෝභන ආකාරයේ ඡායාරූප ගැනීමක නිරත වූ බව ය.
එය දේවස්ථානයේ කොන්දේසිවලට එකඟ නොවන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
එහිදී ගත් ඡායාරූප කිහිපයක් ඇය ට්විටර් වෙබ් අඩවියෙහි පළ කර ඇති අතර එහි ඇය කළු පැහැති ලෝගුවක් ඇඳ හිස ආවරණය කරගෙන සිටී.






