-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

විෂ රසායන අඩංගු කිරිපිටි වර්ග අත්අඩංගුවට ගෙන ආරක්ෂිත ලෙස ගබඩා කර තබා ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයට අනුව, මෙතෙක් කොතරම් කිරිපිටි ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවාද යන්න රටට හෙළිකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සහ ආහාර උපදේශන කමිටුවෙන් ඉල්ලා සිටියි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයට අනුව මුල් අවස්ථාවේදී කිරිපිටි පැකට් 252ක් අත්අඩංගුවට ගත් බවට වාර්තා වූ නමුත් ඒ වනවිට වෙළද පොළ තුළ විෂකාරක අඩංගු කිරිපිටි පැකට් මිලියන 200ක් තිබූ බවට වෛද්‍ය නවින්ද සොයිසා මහතා සදහන් කළේය.

එහෙත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයට අනුව මුල් අවස්ථාවේදී අත්අඩංගුවට ගත් කිරිපිටි පැකට් 252 ට සිදු කළේ කුමක්ද යන්න මෙතෙක් හෙළිකර නොමැති බවද ඔහු පවසා සිටියේය.

මේ නිසා වහාම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගයට අනුව අත්අඩංගුවට ගත් කිරිපිටි පැකට් ප‍්‍රමාණය සහ ඒවාට සිදු කළේ කුමක්ද යන්න අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ආහාර උපදේශන කමිටුව රටට හෙළිකළ යුතු බවද මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos