දිවයින ආශ්‍රිතව ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ කඩ ඇති වායුගෝලීය තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.
කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගු මහතා පැවසුවේ, ප්‍රබල අකුණු අනතුරු ඇති වීමේ අවදානමක් ද පවතින බව ය.
මේ හේතුවෙන් අකුණු අනතුරුවලින් වැළකී සිටීමට කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර, ඇතැම් මුහුදු ප්‍රදේශවල ද වැසි ඇති විය හැකි බව ඔහු සඳහන් කළේ ය.