ස්මාර්ට් ජංගම දුරකතන නිපදවීමේ ලොව ප්රමුඛතම සමාගමක් වන Blackberry පවසා තිබෙන්නේ සිය අලාභ දරා ගැනීමට නොහැකි නිසා ලොව පුරා සිය සේවකයින්ගෙන් 4500 ක් ඉවත් කරන බවත් එම ප්රමාණය සිය කාර්ය මණ්ඩලයෙන් සියයට 40 ක් පමණ වන බවයි.
ලබන සතියේදී සමාගම විසින් එළි දැක්වීමට යන මේ වසරේ දෙවන කාර්තුවේ ගිණුම් වාර්තා වන්ට අනුව සමාගම ඩොලර් මිලියන 995 ක පමණ අලාභයක් ලබා තිබෙන බව වාර්තා වේ.
කැනේඩියානු Blackberry සමාගමට දකුණු කොරියානු සැම්සුන්ග්, එල්.ජී. වැනි දුරකතන සමාගම් වලින් දැඩි තරගයක් එල්ලවී තිබේ.