-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තම සමාගමේ නිෂ්පාදනවල ඞී.සී.ඞී. අඩංගු බව ඔප්පු කර පෙන්නුවහොත් තම සියලූ නිෂ්පාදන වෙළදපොළෙන් ඉවත් කරගන්නා බවත් ලක්ෂ 100 ක මුදලක් දෙන බවත් මැලිබන් සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන විධායක නිලධාරී ලක්ෂමන් වීරසූරිය මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා පැවසුවේ මැලිබන් නිෂ්පාදන ආයතනය කරනුයේ  ඕස්ටේ‍්‍රලියාවෙන් පමණක් බවත් පසුගිය වසර සියයකට අධික කාලයක් තුළ  ඕස්ටේ‍්‍රලියාවෙන් ඞී.සී.ඞී. වාර්තා වී නොමැති බවත් එය  ඕස්ටේ‍්‍රලියානු රාජ්‍ය ආයතන මගින්ම සහතික කර ඇති බවත්ය. එහෙයින් මැලිබන් කිරි පිළිබද කිසිදු අවිශ්වාසයක් ඇති කර නොගත යුතුබවත් මැලිබන් කිරි  සම්බන්ධයෙන් යම් සාවද්‍ය පුවතක් ප‍්‍රකාශ වූයේ නම් එය හුදෙක් දේශීය සමාගම් විනාශ කිරීමේ අරමුණින් ගෙන යන ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්  බවත් වීරසූරිය මහතා ප‍්‍රකාශ කළේය.

මැලිබන් සමාගම යනු කීර්තිමත් ඉතිහාසයක් ඇති සමාගමක් වන අතර එහි නිර්මාතෘ ජී. ඒ.  අප්පුහාමි මහතාගේ ආයතනික කොන්දේසි තාමත් ඒ ආකාරයෙන්ම සමාගම් පිළිපදින බවත් ඒ අනුව මැලිබන් ආයතනයෙන්  පිටවන සෑම නිෂ්පාදනයක්ම ආයතනයේ ඉහළ නිලධාරීන්ගේ සිට සෑම සේවකයෙකුටමත් ඔවුන්ගේ දරුවන්ටත් භාවිතා කළ හැකි වන පරිදි නිපදවන බවත් වීරසූරිය මහතා ප‍්‍රකාශ කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos