බදුල්ල හල්දුම්මුල්ල කනිෂ්ඨ විද්‍යාලයේ සේවය කරන සෞන්දර්යය ගුරුවරිය සේවය සදහා දිනපතා කොට්ටාවේ සිට හල්දුම්මුල්ල දක්වා යන බව වාර්තා වෙයි.
මෙලෙස සිය රැකියාව සදහා කිලෝමීටර් 400 කට අධික දුරක් යන එස්.ඩබ්. උස්ගලහේවා මහත්මිය කොට්ටාව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකාරියකි.
වයෝවෘද්ධව රෝගාතුරව එක්තැන්වී සිටින සිය මව රැකබලා ගනිමින් හා වයස අවුරුදු තුනක් වන තම දරුවාගේ අවශ්‍යතාවන් ද සපුරාලමින් හිමිදිරි පාන්දර 2.00ට නිවසින් පිටත්වන ඇය රාත්‍රියේම සැමියාගේ යතුරු පැදියෙන් කොට්ටාවට පැමිණ කොළඹ සිට බදුල්ල බලා යන බස් රථයකින් හල්දුම්මුල්ලට එන විට උදේ 8.00ට පමණ වෙයි.
නැවත සවස 2.00ට හල්දුම්මුල්ලෙන් කොළඹ බසයට ගොඩවන මේ ගුරුවරිය රාත්‍රී 9.00 පමණ වන විට කොට්ටාව පොල්ගස්ඕවිට තම නිවසට පැමිණෙන බව වාර්තා වේ.
තවද මේ කිලෝමීටර් 206 දිපතා සිටගෙන බස් රථයේ ගමන් කරන ඇයට ගමට ඒමට පිටත්වන විටද බදුල්ල කොළඹ බස් රථයක ආසනයක් ලැබෙන්නේද ඉතා කලාතුරකිනි. ඌව පළාත් අධ්‍යාපන නිලධාරීන්ගේ අවධානය යොමු නොවූ මේ ප්‍රශ්නයට විසඳුමක් ජනාධිපතිවරයාගෙන් ගුරු සංගම් අපේක්ෂා කරයි.


