විවිධ පුද්ගලයින් අපහසුතාවට පත් කරමින් පවත්වාගෙන ගිය ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් පැමිණිලි තුන් දහසක් පමණ ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය වෙත ලැබී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.
ඒ අනුව එම පැමිණිලි විමර්ශණය කර අදාළ ව්‍යාජ ෆේස් බුක් ගිණුම් අවහිර කිරීමට පියවර ගත් බවද රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
පාසල් දරු දැරියන් සහ කලා ක්ෂේත‍්‍රයට සම්බන්ධ පුද්ගලයන්ගෙන් මෙම පැමිණිලි අතරින් වැඩි ප‍්‍රමාණයක් ලැබී ඇති බවත් ඔවුන්ගේ ඡයාරූප බාගත කර එම ව්‍යාජ ගිණුම් නිර්මාණය කර ඇති බව ඒ මහතා පැවසීය.