පහ වසර පංතියේ උගන්වමින් සිටි ගුරුවරියකට 4 වසර පංතියේ ගුරුවරිය විසින් ළමයින් ඉදිරියේ ඉතා පහත් වචනයෙන් බැණ වැදී, සෙරෙප්පුවෙන් හා අතින් පයින් පහර දීමේ සිද්ධියක් ගම්පොළ පිහිටි ප‍්‍රසිද්ධ බාලිකා විද්‍යාලයකින් වාර්තා වෙයි.
සිද්ධියෙන් කම්පනයට පත් කුඩා සිසුන් නිසා බියවී හඩමින් එළියට දිව ගොස් ඇත.
මෙම සිදුවීම වී ඇත්තේ ගම්පොළ නගරයේ එකම නමින් තිබෙන පිරිමි හා කාන්තා විද්‍යාල දෙකෙන් කාන්තා විද්‍යාලයේය.
කලාප අධ්‍යක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් මෙම පාසල වෙත පැමිණ ඇති අතර,එහිදී අධ්‍යක්ෂකවරයා අධීක්ෂණයෙන් පසු රැස්වීමක් කැදවා විශේෂයෙන් සදහන් කර ඇත්තේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල ඉහළ නංවන ලෙසයි.
මෙහිදී පහ වසර ගුරුවරිය, මෙතෙක් මුහුණදී ඇති ගැටලූව ලෙස 4 ශ්‍රේණියෙන් 5 ශ්‍රේණියට පැමිණෙන ළමයින්ගේ පවතින දුර්වල බව ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල කෙරෙහි බලපාන බව පෙන්වා දී ඇත.
4 වසර පංතිභාර ගුරුවරිය එදින පාසලේ නොපැමිණ තිබූ අතර,පසුව ඇය පැමිණ පසු පෙරදින සිදුවීම ඇයට අනෙකුත් ගුරුවරියන් පවසා තිබුණි.
මෙම සිදුවීම නිසා ඊට 4 වසර පන්තිභාර ගුරුවරිය පහ වසර පංතියට ගොස් පහ වසර ගුරුවරියට පහර දී පරුෂ වචනයෙන් බැණ වැදී ඇත.