May
28
වයස අවුරුදු 16 කට අඩු බාලවයස්කාර පාසල් සිසුවියක මරා දමන බවට තර්ජනය කර ඇය දූෂණය කිරීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් 42 හැවිරිදි පුද්ගලයෙකු ලබන මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැබිතිගෝල්ලෑව වැඩ බලන මහේස්ත්‍රාත් රංග සුජීව මහතා නියෝග කළේය. සැකකරු අත්අඩංගුවට ගත් පදවිය පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකරු ගව පට්ටි හිමිකරුවෙකු වන අතර දැරියගේ දෙමව්පියන් කුළියට ගවයින් බැලීමට ගිය අවස්ථාවේ සැකකරු නිවසට පැමිණ දැරියව මරා දමන
බවට තර්ජනය කර ඇත .බාලවයස්කාරිය උදරාබාධයකින් පෙළීම නිසා ඇගේ මව ඇයට ශ්‍රී පුර රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී දැරිය ගැබ්ගෙන ඇති බවට වෛද්‍යවරයා නිගමනය කර ඇති බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
මේ සම්බන්ධයෙන් දූෂණයට ලක්වූ දැරියගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී සැකකරු දෙමව්පියන් නොමැති අවස්ථාවේ අප්‍රේල් මාසයේ සිට නිවසට පැමිණ තමන් මරා දමන බවට තර්ජනය කර අවස්ථා කිහිපයක දීම තමන්ව දූෂණය කළ බව පොලිසියට පාපොච්චාරණයක් කළ බව සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.