අප්‍රිකා සංවර්ධන බැංකුවක් නමින් ව්‍යාජව පෙනී සිටිමින් ලංකාවේ ව්‍යාපෘති සඳහා ණය ආධාර මුදල් ලබාදෙන බව අන්තර්ජාලය හරහා පුද්ගලයන් රවටා එම මුදල් සඳහා රුපියල් දෙලක්‍ෂ අසූදහස බැගින් කොමිස් මුදල් එකතු කිරීමේ මහා පරිමාණ අන්තර්ජාතික ජාවාරමක් මෙහෙයවූ නයිජීරියා ජාතිකයන් දෙදෙනකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
එම විමර්ශන අංශයේ ස්ථානාධිපති ධම්මික සේනාරත්න මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ උදේ මේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ආලින්දයේදීය.
සැකකරුවන් දෙදෙනා එම ජාවාරමට උපයෝගී කරගත් පරිගණක යන්ත්‍ර, ජංගම දුරකතන සහ එම වංචාවෙන් ලබාගත් විදේශ මුදල් තොගයක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.
මේ මහා පරිමාණ ජාවාරම පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමට රහස් පොලිසිය කැඳවා තිබේ.
මේ මහා පරිමාණ ජාවාරම පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමට රහස් පොලිසිය කැඳවා තිබේ.
එම ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 9.6ක මුදලක් ලබාදෙන බවට සැකකටයුතු නයිජීරියා ජාතිකයන් විසින් ව්‍යාපාරිකයන්ට දැනුම්දී ඇති බවද හෙළිවී ඇත.මේ ව්‍යාපෘති වංචාව තවත් රටවල් ගණනාවකටම සම්බන්ධ කර ඇති බවට දැනට හෙළිවී ඇති තොරතුරු පිළිබඳ අන්තර්ජාතික පොලිසිය දැනුම්වත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
එම සැකකරුවන් අප්‍රිකාවේ සිට කතා කරන ආකාරයට අන්තර්ජාතික දුරකතන සම්බන්ධතා ඔවුන්ගේ දුරකතනවලට සම්බන්ධ කරගෙන දෙස්-විදෙස් පුද්ගලයන් රවටා ඇති බවද හෙළිවී ඇතැයි පරීක්‍ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති එස්. ඩී. එස්. ගුණවර්ධන මහතාගේ උපදෙස් මත ජේයෂ්ඨ පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධන මහතාගේ අධීක්‍ෂණය යටතේ කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ධම්මික සේනාරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.


