ජී.පී.එස් සහ සී.සී.ටීවී කැමරා දහසක් ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ වල සවි කිරීමට පියවර ගන්නා බව ශ‍්‍රී ලංගමය පවසයි.
ජී.පී.එස් කැමරා සවි කිරීමෙන් බලාපොරොත්තු වන්නේ අදාළ බස්රථයේ කාර්මික තත්ත්වය,ඉන්ධන තත්වය,කාල සටහන අනුව බස්රථය ධාවනය කරන්නේද සහ බස්රථය තිබෙන්නේ කිනම් ප‍්‍රදේශයේද යන්න හදුනා ගැනීම සදහායි.
සී.සී.ටීවී කැමරා සවි කිරීමෙන් බලාපොරොත්තු වන්නේ බස්රථය තුළ මත්ද්‍රව්‍ය,මත්කුඩු ආදිය ප‍්‍රවාහනය පිළිබද සොයා බැලීම,අක‍්‍රමිකතා සිදුවීම් හා විශේෂයෙන්ම බස්රථය තුළ ගන්නා කාන්තාවන් හිංසනයට ලක්වන්නේද යන්න පරීක්ෂා කිරීම සදහා බව ශ‍්‍රී ලංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම කැමරා දුර ගමන් සේවයෙහි යෙදෙන බස්රථ වල පළමුව සවිකරන අතර පසුව කෙටි ධාවනයෙහි යෙදෙන බස්රථ වලද ඒවා සවි කිරීමට පියවර ගනු ඇත.


