එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා (18දා) සවස වෙන්නප්පුව වයික්කාලේදී පැවැති එ.ජා.ප.යේ අවසන් පළාත් සභා මැතිවරණ ප්‍රචාරක රැස්වීම පැවැති ස්ථානය හරහා යන්නට පැමිණි අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එ.ජා.ප.යේ පිරිස් විසින් හූ සංග්‍රහයක් සිදුකර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රි රෝසි සේනානායක මහත්මිය රැස්වීම අමතමින් සිටිද්දී පුත්තලමේ පැවැති සන්ධානයේ රැස්වීමකට සහභාගි වී ආපසු එමින් සිටි මර්වින් සිල්වා ඇමැතිවරයා සමඟ පැමිණි රථ පේළිය රැස්වීම පැවැති භූමියේ නතර කර ඇත.
රථයෙන් බැසගත් ඇමැතිවරයා එ.ජා.ප. පාක්‍ෂිකයන්ගෙන් තර්ජනාත්මකව විමසා ඇත්තේ තමන්ට ‘හූ’ කිව්වේ කවුරුන්ද යන්නයි. එවිට පිරිස අතර සිටි අයෙක් පවසා ඇත්තේ තමන් ‘හූ’ කිව්වේ නැති බවත් රෝසි සේනානායක මහත්මිය පැවැසූ දෙයකට ප්‍රීති ඝෝෂා කළ බවත්ය.
මෙහිදී වහාම ඇමැති ආරක්‍ෂක අංශය හා රැස්වීමේ ආරක්‍ෂාවට සිටි පොලිස් නිලධාරීන් ඇමැතිවරයා කිසියම් කලබලකාරී සිදුවීමක් වීමට ප්‍රථම ඔහුගේ මෝටර් රථයට නැවත නග්ගවා ඇති අතර මෝටර් රථ පෙළ පිටත්වෙද්දී පිරිස ඇමැති සිල්වා මහතාට දීර්ඝ ‘හූ’ සංග්‍රහයක් කර ඇත.


