අමෙරිකාවේ කැලිෆෝනියා ප්රාoන්තයේ, මවුන්ටන් විව් හි පිහිටි මයික්රො සොෆ්ට් කාර්යාල සංකීර්ණයට (Mountain View campus) පැමිණි සොරකු විසින් එහි තිබූ iPad ටැබ්ලට් පරිගණක පහක් රැගෙන ගොස් තිබේ. 3,000$ වඩා වටිනාකමින් යුත් මෙම සොරාගන්නා ලද iPad අතරට iPad 2 ටැබ්ලට් 2 ක්, iPad 3 ටැබ්ලට් 2ක් හා iPad 4 සංස්කරණයේ ටැබ්ලට් 1 ක් ඇතුළත්ය. මෙම සොරකම සිදුවූ නිශ්චිත දිනය තවමත් හෙළි වී නැති අතර එය පසුගිය දෙසැම්බර් 19 – 26 අතර යම් දිනකදී සිදුවූ බව දැනට සොයාගෙන ඇත.
කෙසේ වෙතත් මෙහි ඇති වැඩිදෙනෙකුගේ අවධානයට හා හාස්ය යට ලක්වූ සිද්ධිය නම් මයික්රොතසොෆ්ට් සමාගම විසින් නිෂ්පාදිත අලුත්ම හා වටිනා උපාංග විශාල ප්රවමාණයක් ඇති මෙම මවුන්ටන් විව් කාර්යාල සංකීර්ණයට ඇතුලු වූ මෙම සොරා ඒ කිසිවක් ගැන අවධානයක් යොමු නොකොට iPad කිහිපයක් පමණක් රැගෙන යාමය. පොලිසිය පවසන පරිදි හොරෙන් ඇතුලු වූවා යැයි සැකකළ හැකි සලකුනු කිසිවක් නොමැති අතර මේ වනතුරු කිසිදු සැකකරුවෙක් ද සොයාගෙන නොමැත. කාර්යාල සංකීර්ණයේ වීඩියෝ ආරක්ෂණ පද්ධතියේ ආධාරයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු කිරීමට නියමිතය.

.jpg)

