
මේ වසරේ මුල් කාර්තුව තුළ පමණක් ලොව අංක එකේ ජංගම යෙදවුම් හතර ලොවපුරා බිලියන 13.4 වාරයක් ඩවුන්ලෝඩ් කර ඇතැයි කැනලයිස් නම් ප්‍රකට වෙළදපොළ සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේය.
මෙය 2012 වසරට සාපේක්ෂව 11% ක වර්ධනයකි.
ඒ අනුව ඇපල් ඇප් ස්ටෝ, ගූගල් ප්ලේ, වින්ඩෝස් ෆෝන් ස්ටෝ සහ බ්ලැක් බෙරි වර්ල්ඩ් යන යෙදවුම් මේ වසරේ මුල් කාර්තුව තුළ පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 2.2 ක ආදායමක් උපයා තිබේ.
ඒ අතරින් ඇපල් ඇප් ස්ටෝ සහ ගූගල් ප්ලේ යන යෙදවුම් වැඩි වශයෙන් භාවිත වන බව කැනලයිස් වෙළඳ සමීක්ෂණ ආයතනය පවසයි.
ලොවපුරා ජනතාව ජංගම උපාංගයන්ට යොමුවීම ඉහළයාමත් සමග ඇප්ස් හෙවත් ජංගම උපාංග යෙදවුම් වෙළදපොළ අඛණ්ඩව වර්ධනය වෙමින් පැවතීම ඊට හේතුව වේ.


