-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බාල වයස්කාර තරුණියක දූෂණය කිරීමට තම පුතුට ආධාර කළ අම්මා කෙනකු පිළිබඳ පුවතක් ගම්පොළ උසාවියෙන් වාර්තා විය.

ඒ පිළිබඳ සිදුවීම මෙසේය.
පුපුරැස්ස රජතලාව ප්‍රදේශයේ දැරියක් වන ඇය අවුරුදු 15 මාස 7ක් වයසැති තැනැත්තියකි. ඇගේ මව හා පියා වෙන් වෙන්ව ජීවත් වෙති. මෙම තරුණිය සිටින්නේ ඇයගේ ආච්චි අම්මා සමඟය. සිද්ධිය වූ දිනයේ මෙම තරුණිය තම පෙම්වතා යැයි කියන තරුණයා සමඟ දුරකතන සංවාදයක යෙදී සිට ඇත. පසුව ඇය එදින සවස පන්විලතැන්නේ තරුණයාගේ නිවෙසට ගොස් තිබේ.
එහිදී එම තරුණයාගේ මව ඇයට පවසා ඇත්තේ එදින රාත්‍රියේ එහි ගතකර පසුදින යන ලෙසය. ඒ අනුව එම මව ඔවුන් දෙදෙනාට නිදාගැනීම සඳහා වෙනම කාමරයක්ද සූදානම් කරදී තිබේ.

තරුණිය නිවෙසට නොපැමිණීම හේතුවෙන් ඇගේ ආච්චිඅම්මා ඇය නිවෙසේ නොමැති බවට ගම්පොළ පොලිසියට පැමිණිලි කර තබේ. ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය තරුණියගෙන් කටඋත්තරයක් ගෙන ඇති අතර එහිදී ඇය පවසා ඇත්තේ තරුණයා සමඟ එකට නිදාගත් නමුත් ඔහුගෙන් තමන්ට කිසිදු අතවරයක් සිදුනොවූ බවය.

ඒ අනුව එම තරුණයා ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර රුපියල් පනස් දහසක ශරීර ඇප මත නිදහස් කෙරිණි.කෙසේ වෙතත් එම තරුණියගේ වෛද්‍ය වාර්තා මැයි මස 6 වැනි දින ලැබී තිබුණු අතර එහි සඳහන්ව ඇත්තේ ඇය දූෂණයට ලක්වී ඇති බවය. පසුව නැවැත වරක් ඇගෙන් කටඋත්තර ලබාගැනීමේදී ඇය පවසා ඇත්තේ තම පෙම්වතා විසින් තමන් දූෂණය කළ බවත් බිය නිසා එය නොකී බවත්ය.

ඒ අනුව මෙම සිද්ධියට අනුබල දීම සම්බන්ධව එම තරුණයාගේ මව පොලිසියේ රැඳවුම් භාරයට ගෙන ඇත. ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා, සහකාර පොලිස් අධිකාරි චූලනී වීරරත්න, මූලස්ථාන පොලිස් ස්ථානාධිපති චන්ද්‍ර ජයවීර යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩී. එන්. කාංගර, පොලිස් පරීක්‍ෂක කේ. එම්. එස්. ඩී. රොද්‍රිගෝ, පොලිස් සැරයන් දසනායක (3277), කාන්තා පොලිස් කොස්තාපල් කමලා (759) යන මහත්ම මහත්මීහු ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos