ගුවන් යානා මත්තලට..
2014 ජනවාරි මාසයේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල දිනකට පැය 08 වසා දැමීමට තීරණය කර ඇතැයි ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපලේ ගුවන් ධාවන පථය අලුත්වැඩියා කිරීම සඳහා බව කියැවුණා.
එම දෛනිකව අහිමිවන පැය 08ක කාලය තුල මෙරටට එන සහ යන ගුවන් යානා හම්බන්තොට මත්තල ගුවන් තොටුපල හරහා මෙහෙයවීමට තීරණය කර ඇතැයි මේ අනුව වාර්තා වුණා.
වර්තමානයේත් කටුනායක ගුවන් තොටුපලේ ධාවන පථය පැයක පමණ කාලයක් නඩත්තු කටයුතු සඳහා වසා දමන අතර ලබන වසරේ සිට එය පැය 8 දක්වා දීර්ඝ කර විශේෂ අලූත්වැඩියාවක් කරන්නට යන බව සැලයි.
මෙම වෙනස්කම නිසා මත්තලට ගොඩබසින හා මත්තල සිට පිටත්වන ගුවන් යානා ප්‍රමාණය වැඩිවනු ඇතැයි බලාපොරොත්තු වෙයි



