විදුලිමීටරය වෙනස් කර වංචනික ලෙස විදුලිය ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී කපිල කුමාර මහතා හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඇල්පිටිය වැඩබලන මහේස්ත්‍රාත් විජයපාල මහගොඩගේ මහතා අද (12) නියෝග කර තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ හා ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සැකකරු ඊයේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
සැකකරු කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකි.



