බෝවත්තේ ඉන්දරතන හිමියන් සිරුරට ගිනි අවුළුවා ගැනීම ජනමාධ්‍ය වල පූර්ව දැනුවත් කමකින් සිදුවූ බවට විපක්ෂය චෝදනා කරයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්, ජාතික භික්ෂු පෙරමුණේ සභාපති දඹර අමිල හිමියන් කියා සිටියේ ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉහල නංවා ගැනීම පමණක් ඇතැම් ජනමාධ්‍ය වල අරමුණ වී තිබූ බවයි.
“සිතුවමක් වගේ, චිත්‍රපටයක් මේක එක දිගට පටිගත කරලා තිබිච්ච බවට අපිට තොරතුරු තිබෙනවා,” බව එහිමියෝ පැවසූහ.
නාලිකාවේ ජනප‍්‍රියතාවය වර්ධනය කර ගැනීම සඳහා පුද්ගලික රූපවාහනී නාලිකාවක් විසින් මෙම සිද්ධිය වාර්තා කල අයුරු ඉතා කණගාටුදායක යයිද උන් වහන්සේ කීහ.
- BBC



