ෆෝඞ් ආයතනය ඔස්ටේ‍්‍රලියාවේ තම නිෂ්පාදනය වසර 85කට පසු නතර කිරීමට තීරණය කර ඇත. මෙසේ නිෂ්පාදන යන්ත‍්‍ර දෙක වසා දැමීමට තීරණය කිරීමත් සමග රැකියා 1200ක් අහිමි වන බව පැවසේ.
නිෂ්පාදන ලාබ නොලැබිම සහ කුඩා වෙළෙදපල හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇතගඔස්ටේ‍්‍රලියානු ෆ්‍රොඞ් ආයතනයේ ප‍්‍රධානියා වන බොබ් ග‍්‍රසියානෝ පවසා සිටියේ තව දුරටත් ඔස්ටේ‍්‍රලියාවේ නිෂ්පාදිත වාහන සදහා ලාබයක් නොලැබෙන බවත් දේශීය නිෂ්පාදන මගින් ලැබෙනුයේ පාඩුවක් බවත්ය.
නමුත් ආනයනය කරනු ලබන වාහන සදහා ලාබයක් ඇති බවද පවසා සිටියේය. පසුගිය අවුරුද්දේ පමණක් ආයතනය ලබා ඇති අලාභය ඩොලර් මිලියන 580ක් ලෙසත් ලාභයේ පහත වැටීම 72%ක් ලෙසත් ඇස්තමේන්තු කර ඇත.
ඔස්ටේ‍්‍රලියාවේ ඇති ෆ්‍රොඞ් ආයතනයේ කර්මාන්තශාලාව වසා දැමීමත් සමග යුරෝපයේ පිහිටි ෆ්‍රොඞ් විකුණුම් ආයතනයද වසා දැමීමට තීරණය කර ඇත.
ඔස්ටේ‍්‍රලියාවේ නිෂ්පාදන තව දුරටත් සිදුකිරීම අපහසු වනුයේ යුරෝපයට සාපේක්ෂව නිෂ්පාදන වියදම දෙගුණයක් වන බවත් ආසියාවට සාපේක්ෂව එය හතර ගුණයක් වන බවත් ග‍්‍රසියානෝ විසින් වාර්තා කරුවන්ට පවසා ඇත.
ඔස්ටේ‍්‍රලියාවේ සාමාන්‍ය නිෂ්පාදන පැයක ශ‍්‍රමය සදහා 2011දී ඩොලර් 46.29ක් වන අතර එය ජර්මනියට වඩා ටිකක් අඩු බවත් ඇමරිකාවට ජපානයට සාපේක්ෂව 30%ක් වැඩි බවත් බ‍්‍රසීලයට සාපේක්ෂව 75%ක් වැඩි බවත් පැවසේ.



