-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


බෝඩිම් කාමරයෙන් ලේ තැවරුණු උල් කතුරක්
රටු සරසවි සිසුවාගේ මරණයට හේතුව මෙන්න

මොරටුව සරසවියේ පළමු වසර ඉගෙනීම ලැබූ ඉංජිනේරු ශිෂ්‍යයකුගේ මළ සිරුරක් හමුවූ පුවතක් පසුගිය (11) දා වාර්තා විය.


මෙසේ 11-07-16 දින රාත්‍රී තම බෝඩින් කාමරය තුල මිය ගොස් සිටියේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි නීමන්ත දිනේශ් නමැති මොරටුව සරසවියේ පළමු වසර ඉගෙනීම ලබන ඉංජිනේරු ශිෂ්‍යයකු බවත් ඔහුගේ බෝඩින් කාමරයේ මේසයක් මත ලැප්ටොප් පරිගණකයක් සහ ලේ ගැවරුණු උල් කතුරක් ද තිබී පොලිසියට හමුවු බව මොරටුව පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක එස් මැන්ඩිස් මහතා මොරටුව දිසාවිනිසුරු සහ මහේස්ත්‍රාත්වරයා 12දා හිමිදිරියේ දන්වා සිටියේය.

මළ සිරුර පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති බව ද පොලිස් නිලධාරියා බී වාර්තාව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරමින් සඳහන් කෙළේය. මළ සිරුර පාණදුර මූලික රොහලේ මෘතශරීරාගාරයේ තබා ඇති නිසා ඒ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලවා පවත්වන ලෙසට මොරටුව දිසාවිනිසුරු සහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිස් පරීක්ෂක මෙන්ඩිස් මහතාට උපදෙස් දුන්නේය.

ඔහු පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත කරුණු සහිත පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කළේය. එහි සඳහන් කරුණු සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පාණදුර රෝහලේ මෘතශරීරාගාරය වෙත ගොස් මළ සිරුර නිරීක්ෂණය කර මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්විය. මරණකරුගේ මවුපියන් විසින් මළ සිරුර හඳුනාගත්තේය.

මරණකරුගේ බෙල්ලේ ලේ ගලන දරුණු තුවාලයක් තිබින. එම තුවාලය තියුණු ආයුධයකින් සිදුවී ඇති බව පෙනී ගියේය. මෙම සිසුවා යම් අභිරහස් හේතුවක් මත සියදිවි නසා ගන්නට ඇතැයි පොලිස් පරීක්ෂණයේ දී අනාවරණය විය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos