-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අලූත්ගම ධර්ගානගරය ප‍්‍රදේශයේ දී හිමිනමකට පහරදුන් බව කියන සිද්ධියක් මුල්කර ගනිමින් ඇතිවු නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා පොලිසිය මැදිහත්වී තිබේ. 

එම නොසන්සුන්තාවයට හේතුවී තිබුනේ භික්ෂූන් වහන්සේ නමකට හා ඒ හිමියන්ගේ රියදුරාට ධර්ගා නගරයේ පිරිසක් පහරදීමෙන් අනතුරුව ඔවුන් පොලිස් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද වීමය. 

ධර්ගා නගරයේ කුරුඳුවත්ත ශ්‍රී විජයාරාමයේ අයගම සමිත හිමියන් සිය රියදුරා සමග මෝටර් රථයෙන් වඩිද්දී ඉදිරියෙන් ගමන් කළ යතුරු පැදිකරුවකු පාර අවහිර වන සේ ගමන් කළ බවත්, කිහිප වරක් නළාව නාද කිරීමෙන් පසුව ඔහු ඇතුළු පිරිසක් සමිත හිමියනට හා රියදුරාට පහර දුන් බවට සමිත හිමියන් විසින් පොලීසියට පැමිණිලි කොට ඇත.

එම සිදුවීමට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද වූ හෙයින් අයගම සමිත හිමි ඇතුළු අවට විහාරවල භික්ෂූන් වහන්සේලා ද, පතිරාජගොඩ, අලුත්ගම, කළුවාමෝදර, වරා පිටිය, මොර ගල්ල ,කාල්විල හා ගල්හේක ආදී ගම් වල වැසියෝද පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වී තිබුණි.

මෙම කලබලකාරී තත්වයත් සමග අලුත්ගම නගරයේ කඩ සාප්පුද වසා දමා ඇත. සිදුවීම සැලවීමත් සමග එම ප්‍රදේශයට පැමිණි ප්‍රවාහන ආමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ ජීප් රථයටද කුපිත වූ ජනතාවගේ ගල් ප්‍රහාර එල්ල වී ඇත. ඉන් අනතුරුව ඇමති රෝහිත අබේගුණවර්ධන ද පොලිස් ස්ථානයට පැමිණ ඇත. තත්වය උත්සන්න වීමත් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් කැරලි මර්දන කණ්ඩායම්ද එම ස්ථානයට කැඳවා තිබුණි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos