-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

 බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂේක්ගේ ඝාතනය හා රුසියානු ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රියා සමූහ දූෂණ කළ බව කියන සිද්ධියට අදාළ නඩුවේ බලාපොරොත්තු නොවූ අර්බුදයක් උද්ගත වූ බව කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය අද ප්‍රකාශ කළාය.
ඒ, ප්‍රධාන සාක්ෂිකාරියක් වන තංගල්ල හෝටලයේ කළමනාකාරිනියක වන ආර්.ඩී. තරංගා පීරිස් මහත්මිය අසනීපවීම හේතුවෙනි.
මුල් දිනයේ හොඳින් සාක්ෂි දුන් එම සාක්ෂිකාරිය ඊයේ සිට අසනීප වී සේලයින් පවා ලබා ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාට දන්වා ඇතැයි පැමිණිල්ල මෙහෙයවන රජයේ අධි නීතිඥ තුසිත් මුදලිගේ මහතා විනිසුරුවරියට දන්වා සිටියේය.
මේ අතර අධිකරණයේ නිවාඩු සමය ලබන සතියේ සිට ඇරඹෙන බැවින් විත්තිකරුවන්ට ඇප නියම කරන ලෙස , ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවා දායකයින්ට අසාධාරණයක් වන බව පවසමින් ය.
විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කළේ, දඬුවම් වශයෙන් නොව යුක්තිය පසඳලීම නිසි ලෙස ඉටු කිරීමට බව විනිසුරුවරිය පැවසීය.
විනිසරුවරිය පැවසුවේ තුන්වන විත්තිකාර තංගල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති සම්පත් පුෂ්පචන්ද්‍ර විදානපතිරණ ‍හැර අන් සියලු විත්තිකරුවන් පෙර ඇප මත නිදහස් කිරීමට තමා තීරණය කළ බව ය.
සම්පත් පුෂ්පචන්ද්‍ර විදානපතිරණ අධිකරණයට ගෙන්වා ගැනීමට දැඩි උත්සහයක් දැරීමට සිදුවූ බවත්,   ඔහු සඳහන් කළ දේ සත්‍යය නොවූ නිසා  ඇප නොදෙන බවත් කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය ප්‍රකාශ කළාය.
එහෙත් විනිසුරුවරිය සඳහන් කළේ, පැමිණිල්ලෙන් වැරදිකරු ලෙස සනාථ කරන තුරු ඔහු ‍නිදොස් අයෙකු ලෙස සලකන බව ය.
නඩු විභාගය අප්‍රේල් මස 23 වැනිදා දක්වා කල් තැබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටි තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු විත්තිකරුවන් සියලුදෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පසුගිය මස 26 වන දා ය.
කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය අදාළ නියෝගය කළේ, එම නඩුවට ජාත්‍යන්තරය ඈඳී තිබෙන බව පවසමින් ය.
ප්‍රධාන සාක්ෂි කාරියවන වික්ටෝරියා සැන්ඩ්‍රා සාක්ෂි දීමෙන් පසු පළමු විත්තිකරු හැර අනෙක් විත්තිකරුවන් සාක්ෂිකාරිය විසින් හඳුනා නොගත් හෙයින් විත්තිකරුවන්ට ඇප නියම කරන ලෙස එහිදී ඔවුන්ගේ නීතිඥයින් ඉල්ලා සිටි‍ය හ.
එහෙත් එම ඉල්ලීම ‍විනිසුරුවරිය ප්‍රතික්ෂේප කළා ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos