-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


තුෂාරි ඇගේ පවු‍ලේ බාලයා. වැඩිමහල් සොයුරියන් දෙදෙනෙක් මිස තුෂාරිට පිරිමි සහෝදරයෝ කිසි කෙනෙක් හිටියේ නෑ.
තුෂාරිගෙ දෙමව්පියන් වැඩිය වත් ‍පොහොසත්කම් තිබුණු අය නොවෙයි. පියා පමණක් රැකියාවක් කළ නිසා ඔවුන්ට කුඩා කාලෙ සිටම අග හිඟකම් දැනුණා. ඒ කාලෙ ඔවුන්  ජීවත් වුණේ කුලියට. ගෙවල් කුලී ගෙවාගෙන දරුවො තුන් දෙනෙකුත් හදා වඩා ගනිමින් පියා ගෙව්වෙ අසීරු දිවි පවෛතක්. ඊට පස්සේ බැංකු ණයක් අරන් කාමර කෑලි දෙකකුත් එක්ක කුස්සියක් තනා ගත්තත් මාස් පතා බැංකු ණය වෙනුවෙන් සෑහෙන මුදලක් පියාගේ වැටුපෙන් කැපුණා.
මේ නිසා තුෂාරිගෙ අක්කලා දෙන්නම සාමාන්‍ය පෙළ සමත් වුණාට පස්සෙ රැකියාවල් සොයා ගත්තා. මේ දෙන්නම සුපිරි වෙළෙඳසලක රැකියාවක් කළේ. අක්කලා දෙන්නා රැකියාවල්වලට ගියාට  පස්සෙ තමයි තරමක් හරි ඔවුන්ගෙ දුක් කරදර සමහන් වුණේ.
තුෂාරි ඉගෙනීමට දක්ෂ නිසා උසස් පෙළත් සමත් වුණා. පවු‍ලේ හැම දෙනාටම වුවමනාව තිබුණෙ තුෂාරිව විශ්වවිද්‍යාලයට යවන්න. ඒත් තුෂාරි  ඒකට කැමති වුණේ නෑ. තමන්ට උගන්වන්න වියදම් කරන්න ගියොත් අක්කලට විවාහයක් වත් කර ගන්න  බැරි වෙයි කියලා තුෂාරි බය වුණා.
තුෂාරි පරිගණක පාඨමාලාවක් හදාරන්න ගියෙද්දි තමයි කසුන්ව හඳුන ගන්න ලැබුණෙ. කසුන් රැකියාව කළේ මැද පෙරදිග රටක. ඒකෙන් ඔහුට ලොකු වේතනයක් ලැබුණ. තුෂාරිගෙ දෙමව්පියොත් මේ සම්බන්ධයට අනුමැතිය දුන්නෙ තමන්ගේ පවුලට ධනවත් බෑණා කෙනෙක් එකතු කරගන්නට තිබුණු කැමැත්ත නිසාමයි. මේ වන විට තුෂාරිගෙ අක්කලාටත් පෙම්වතුන් හිටියා. ඔවුන් සේවය කළේත් අක්කලා වැඩ කරපු සුපිරි වෙළෙඳ සංකීර්ණයේමයි.
අක්කලාගේ විවාහයන් සිදුවී වසරකින් පමණ තුෂාරිත් කසුන් සමග විවාහ වුණා. කසුන්ට විශාල නිවසක් තිබුණු නිසා තුෂාරි එහි පදිංචියට ගියා. අක්කලා දෙන්නගෙ සැමියන් දුර පළාත්වල අය. එහෙ පදිංචියට ගියොත්, රැකියාව කිරීමට අපහසු වන නිසා විවාහයට කලින් ඔවුන් තුෂාරිගෙ දෙමාපියන්ගෙ නිවසටම  යාව කාමර දෙකක් වෙන වෙනම තනා ගත්තා. විවාහයෙන් පසුව අක්කලා පදිංචි වුණෙත් ඒ අලුත් කාමර දෙකේයි.
හය මසකට වරක් බැගින් කසුන් ලංකාවට ඇවිත් ගියා. ඔහු නැති කාලය තුළ තුෂාරි ඔහුගේ දෙමාපියන් සමග ගත කළේ තනිකමින් පාළුවෙන් පිරුණු ජීවිතයක්.
මේ වෙන කොට තුෂාරිගෙ තාත්තා රැකියාවෙන් විශ්‍රාම ගොස් තිබුණා. ඉන්පසු ඔහු කුඩා මුද්‍රණාලයක රැකියාවක් කර සුළු වැටුපක් ලබා ගත්තත් ඒකත් නතර කරන්න සිදු වුණේ හදිසියේ රෝගාතුර වීම නිසායි. හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් සැත්කමකට භාජනය වූ ඔහුට ඒ සැත්කම සඳහා වැඩි මුදලක් දුන්නෙ තුෂාරි. ඇගේ සැමියා ඇයට මාස්පතා එවූ මුදලින් ඇය සෑහෙන කොටසක් ඉතිරි කරගෙන තිබුණා. ඒ මුදල් තමයි තුෂාරි පියාගේ සැත්කමට වියදම් කළේ.
කසුන් පවු‍ලේ කිසි දෙයක් සොයා බලපු කෙනෙක් නමෛයි. තුෂාරිට මුදල් දුන් පසු ඇය ඒ මුදල්වලින් මොනවද කරන්නෙ කියලත් කසුන් හෙව්වෙ නෑ.
සැත්කමෙන් පස්සෙ තුෂාරි කසුන්ටවත් ඔහුගේ දෙමාපියන්ටවත් නොකියා මව්පියන් වෙනුවෙන් රුපියල් අටදාහක් මාසිකව දුන්නෙ ඔවුන්ට උපකාර කිරීම තමන්ගෙ යුතුකමක් විදිහට සලකලයි.
මාස කීපයකට පස්සෙ ලංකාවට ආපු කසුන්ට තුෂාරි මේ ගැන කිව්වෙ හැමදාමත් ඔහුට හොරා මෙවැන්නක් කිරීමට නුසුදුසු දෙයක් ලෙස සලකලයි. ඒ වගේම ඔහුට මේ තත්ත්වය සැලකළ පසු ඊට වඩා උපකාරයක් ඔහුගෙන් ලැබෙයි කියලා තුෂාරි බලා‍පොරොත්තු වුණා.
නමුත් හීනෙකින්වත් නොහිතපු විදිහට කසුන්ට මේ කතාවෙන් හොඳටම තරහ ගියා.
“ඔයා මොකටද ඔය තරම් වියදම් කරන්නෙ? ඇයි ඒ ගෙදරම නතර වෙලා තව දුවල දෙන්නෙකුයි බෑණලා දෙන්නෙකුයි ඉන්නවනේ. ඒ මිනිස්සු හම්බ කරන සල්ලිවලට මක් වෙලාද? මම රට ඉන්නව කියලා උනුත් ෂේප් වෙනව ඇති මගෙ සල්ලිම ඩැහැ ගන්න බලාගෙන. මං එහෙ ගිහින් ඒ සී කාමරවල ඉඳගෙන හම්බ කරන්නෙ නෑ. මම දුක් විඳල ඔය සල්ලි හම්බ කරන්නෙ.
නොසිතූ අන්දමින් වෙඩි පුපුරනවා වගේ කසුන් කියාගෙන යනකොට තුෂාරි හොඳටම බය වුණා විතරක් නමෛයි කසුන් ගැන ලොකු කලකිරීමකුත් ඇති වුණා.
“අක්කලත් වියදම් කරනව කසුන්. ඒත් එයාල දෙන්නටම දැන් බබාල ඉන්නවා. අනික ඒ මිනිස්සුත් හුඟාක් දුක් විඳිනව සල්ලි හොයා ගන්න. අනේ කසුන් මට අම්මලට සලකන්න ඉඩ දෙන්න” කියලා තුෂාරි බැගෑපත් වුණා. ඒත් කසුන් කිව්වෙ ‘මහගෙදර අක්කලා දෙන්නා  විතරක් අයිති කරගත් නිසා එයාලටම අම්මටයි තාත්තටයි සලකන්න ඉඩ දීලා තුෂාරිට පැත්තකට වෙන්න කියලයි.
තුෂාරිගෙ හිත කසුන් ගැන තදබල ලෙසම කලකිරුණා. ඇය වඩාත් වේදනාවට පත් වුණේ කසුන්ගෙ දෙමාපියොත් කසුන්ට පක්ෂව කතා කිරීම නිසයි.
“මං එහෙනම් ගෙදර ගිහින් රස්සාවක් කරල අම්මලට සලකන්නම්” තුෂාරි කිව්වෙ එහෙම කිව්වම කසුන්ගෙ හිත වෙනස් වෙයි කියලා හිතාගෙන මිසක් ඇත්තටම කසුන්ගෙන් වෙන් වෙන්න හිතාගෙන නෙමේ. නමුත් ඇය කිසිසේත් බලා‍පොරොත්තු නොවූ පිළිතුරක් කසුන් වෙතින් ලැබුණෙ.
“කැමැත්තක්. මගෙ සල්ලි වියදම් කරන්නෙ නැතුව ඕන දෙයක් කර ගන්නව.”
ඉන් පස්සෙ තවත් කසුන්ගෙ ගෙදර ඉඳීමේ හැකියාවක් තුෂාරිට තිබුණෙ නෑ. ඇය මහත් වූ වේදනාවක් හිස දරාගෙන ආපසු ආවා. දැන් තුෂාරියි කසුනුයි වෙන් වෙලා අවුරුද්දක් පමණ වෙනවා. තුෂාරි පෞද්ගලික කාර්යාලයක ලිපිකරු රැකියාවක යෙදෙනවා. කසුන් කවදාවත් ආපහු තුෂාරිව හමු වෙන්න ආවෙ නෑ. ඒත් කවදා හරි තමන්ගෙ නිවැරදි බව අවබෝධ කරගෙන කසුන් එනතුරු තුෂාරි බලා ඉන්නවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos