-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අනුරාධපුර ප‍්‍රදේශයේ හමුදා කඳවුරක පුහුණුවකදී ආධුනික සෙබළියන් පිරිසකට අඩන්තේට්ටම් සිදුකළ හමුදා නිලධාරීන් හඳුනාගෙන ඇතැයි හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මහතා ප‍්‍රකාශ කරයි.
හමුදා කඳවුරක පුහුණුවක් අතරතුර ආධුනික සෙබළියන් පිරිසකට හිරිහැර සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රචාරය විය.
ඒ පිළිබඳව යුද හමුදාව විසින් පරීක්ෂණයක් ද පැවැත්වූ අතර එහිදී මෙම වීඩියෝ පටය පටිගත කළ හමුදා සෙබළාද හඳුනා ගත් බව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියා සිටියේ ය.
මේ අතර 1972 වසරේ සිට හමුදාවෙන් පළාගිය පිරිස 50 000 ක් වන අතර ඉන් 30 000 ක් මේ වනවිට නීත්‍යානුකූල ලෙස සේවයෙන් ඉවත් කර ඇති බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය. එහෙත් එලෙස පළාගොස් මෙතෙක් භාර නොවූ සෙබළුන් 20 000 ක් අත්අඩංගුවට ගැනීමට සිටින බවද ඔහු සඳහන් කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos