-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ඉතා විශාල ලෙස විදෙස් වෙළදපොළේ දිනෙන් දින ඉහළ යන ඉල්ලූමක් ඇති ‘අගාවුඞ්’ රත්රන් වලටත් වඩා වටිනා ශාකයක් ලෙස මේ වනවිට ලොව පුරා ප‍්‍රචලිතව පවතී.
මෙරට හරිත ආර්ථික සංකල්පය කි‍්‍රයාත්මක කිරීම වෙනුවෙන් සදාහරිත වැවිලි සමාගම අගාවුඞ් ශාකය ව්‍යාප්ත කිරීමේ කටයුත්තට මේ වනවිට උරදී තිබේ.

දුර අතීතයේ සිටම උසස් තත්වයේ සුවද විලවුන් වර්ග, ඖෂධ වර්ග, සුවද කාරක ද්‍රව්‍ය,රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනයට බහුල වශයෙන් යොදා ගන්නා අගාවුඞ් අධික මිල ගණන් වලට අලෙවි වේ.

කාම්බෝජියාව, වියට්නාමය, තායිලන්තය, මැලේසියාව වැනි රටවල් වාණිජ මට්ටමෙන් අගාවුඞ් නිපදවනු ලබන අතර ඇක්විලාරියා ක්‍රෙස්නා (Aquilaria Crassna) යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හදුන්වන අගාවුඞ් ශාකය තුළ නිපදවන සුවදවත් රෙසිත විශේෂය නිසා මෙම ශාකයට මෙතරම් වටිනාකමක් ලැබී ඇත. දැනට ශ‍්‍රී ලංකාවේද වාණිජ මට්ටමෙන් තෙත් සහ අතරමැදි කලාපයේ මෙම ශාකය යම් ප‍්‍රමණයක් වගා කෙරේ.

අගාවුඞ් පිළිබද දීර්ඝ කාලයක් පර්යේෂණ පවත්වා ඒ තුළින් ලත් සාර්ථක අත්දැකීම් ඇති සදාහරිත සමාගම අගාවුඞ් තාක්ෂණය සදහා ශ‍්‍රී ලංකාව තුළ පේටන්ට් බලපත‍්‍ර හිමි එකම ආයතනයද වේ.

ඇත්විලාරියා ශාකය වගා කොට සාර්ථක අගාවුඞ් නිෂ්පාදනයක් ලබාගත හැකි දිස්ති‍්‍රක්ක ලෙස කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර සහ කෑගල්ල සහ දිස්ති‍්‍රක්කයෙන් සදාහරිත වැවිලි සමාගම තහවුරු කරගෙන ඇත.
අගාවුඞ් ශාකය තුළ අගාවුඞ් නිපදවීම සිදුවන්නේ ස්භාවික කි‍්‍රයාවලියක් මගිනි. එනම් ස්භාවිකව ගසට හානි සිදුවූ විට වාතයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් ගසට ඇතුළුවීම හා එයින් ගස ආරක්ෂා වීමට ගස විසින්ම නිපදවා ගන්නා රෙසින විශේෂය අගාවුඞ් ලෙස හඳුන්වයි.

මෙම අගාවුඞ් කළු සහ තද දුඹුරු පැහැ ගන්නා අතර ඒවායින් පතුරු (Chips) හා තෙල් ලබා ගනී. තෙල් නිස්සාරණයේ අතුරු ඵලයක් වන එය පවුඩර් හඳුන්කූරු නිපදවීම සදහා යොදා ගනී. දකුණු ආසියාවේ විශාලතම අගාවුඞ් පැල තවාන හොරණ ඉංගිරිය ප‍්‍රදේශයේ ස්ථාපිත කොට ඇත.අක්කර 5ක පමණ වපසරියකින් යුත් පැල තවාන තුළ අගාවුඞ් පැල ලක්ෂ 2.5කට අධික ප‍්‍රමාණයක් ඇතිබව පවසන සදාහරිත වැවිලි සමාගමේ විධායක අධ්‍යක්ෂක එච්.කේ රෝහණ මහතා පවසන්නේ සදාහරිත සමාගම විසින් රෝපණය සදහා අගාවුඞ් බීජ ගෙන්වන්නේ වියට්නාමයෙන් බවය.

සදාහරිත සමාගම විසින් එක් අගාවුඞ් අවම පැල දහයක් පාරිභෝගිකයෙකු වෙත නිකුත් කරයි.
එසේම නියමිත කාලය පැමිනි පසුව හිමිකරුට අගාවුඞ් ශාකය සදාහරිත සමාගමට හෝ අගාවුඞ් මිලදී ගනු ලබන වෙනත් පාර්ශවයකට ශාකය විකිණිය හැකිය.

එක් ගසක් අවම රු.25000 ක සහතික මිලකට මිලදී ගැනීමට සමාගම සැලසුම් කර ඇත.
පැල මිලදී ගත් පසු වගාව සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමත් ක්ෂේත‍්‍ර නිලධාරීන් විසින් වගා භූමියටම පැමිණ පරීක්ෂා කිරීම් ආදිය සිදු කිරීමත් නොමිලේම සිදු කරන බවද සභාපතිවරයා පවසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos