වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටි කාන්තාවක පෙරේදා (31 දා) එහි උසස් නිලධාරිනියක දෙසට දිවගොස් එක්‌වරම ඇය හිස පැළඳ සිටි නිල හිස්‌වැසුම ගලවාගෙන තිබේ.
එම රැඳවි කත ඒ අන්දමින් උසස් නිලධාරිනියගේ හිස්‌වැසුම ගලවා ඇත්තේ තවත් කාන්තා රැඳවියන් දෙදෙනකු සමඟ අල්ලන ලද ඔට්‌ටුවකට අනුව බව අනාවරණය වී ඇත.
මෙම සිද්ධියත් සමඟ එය දුටු වැලිකඩ කාන්තා අංශයේම රාජකාරි කරන වෙනත් නිලධාරිනියක් "අන්න බෙනා මාමගේ තොප්පිය ගැලෙව්වා" යෑයි තමන් අසල සිටි තවත් නිලධාරිනියකට පවසා ඇත්තේ සිනහසෙමිනි.
රැඳවි කාන්තාවක් උසස් බන්ධනාගාර නිලධාරිනියක වෙත ගොස් මෙසේ නිල හිස් වැස්‌ම ගැලවීම ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවූවක් වන අතර මේ වන විට එම වරද සිදු කළ කාන්තාව විශේෂ සිරමැදිරියක රඳවා ඇයට එරෙහිව නෛතික පියවර ගනිමින් නඩු පැවරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවසීය.
වැලිකඩ රැඳවි කත උසස් නිලධාරිනියගේ තොප්පිය ගලවයි
2014-04-02T06:59:00+05:30
Unknown
Gossip|gossip lanka|Gossip Lanka News|