-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මගීන් හා කාර්ය මණ්ඩලය 239 දෙනකු සමඟ මැලේසියානු ගුවන් සේවයට අයත් එම්එච්370 යානය ඉන්දීය මුහුදේදී අනතුරට පත්වූ බවට මැලේසියානු රජය නිල වශයෙන් කළ නිවේදනය පිළිබඳ සැක මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා ප‍්‍රකාශ කරයි.
ඊට හේතුවී ඇත්තේ යානයට අත්වූ ඉරණම පිළිබඳ මැලේසියානු රජය විටින් විට කරන ලද ප‍්‍රකාශ පසුව වෙනස් කිරීමයි.
අද දිනයේ දී විදෙස් වාර්තාවල දැක්වෙන්නේ මීට සතියකට පමණ පෙරදී යානයේ නියමු කුටියෙන් නිකුත් වූ බව කියන අවසන් වචන පෙළ වන ‘සියල්ල හරි. සුබ රාත‍්‍රියක්’ යන්න බව මැලේසියානු රජය නිවේදනය කළ බවයි. නමුත් අද දිනයේ දී මැලේසියානු රජය පවසා තිබුණේ එම වචන පෙළ ‘සියල්ල හරි. සුබ රාත‍්‍රියක් මැලේසියානු එම්එච්370 යානය’ ලෙසට නිවැරැදි විය යුතු බවයි.
එම අවසන් වචන පෙළ මගින් යානය පැහැරගැනීමකට ලක් නොවූ බවට සිතමින් එ් ඔස්සේ පරීක්ෂණ වෙනස් අතකට යොමු කිරීමට ගුවනින් හා මුහුදින් මෙන්ම ගොඩබිමින් ද විමර්ශනයේ යෙදෙන රටවල රජයන් කටයුතු කළේ ය.
නමුත් අද දිනයේ මැලේසියානු රජය කළ මෙම නිවැරැදි කිරීමත් සමඟ විමර්ශන සියල්ල වෙනස් විය යුතු බවත්, තවදුරටත් මැලේසියාවේ හැසිරීම පිළිබඳ විශ්වාස කිරීමේ ඇති නොහැකියාවත් පිළිබඳ යානය සමඟ අතුරුදන් මගීන්ගේ ඥතීහු ප‍්‍රශ්න කරති.
වරින් වර විවිධ රටවල් චන්ද්‍රිකා ඡුායාරූප ඔස්සේ ගොස් ඉන්දීය දකුණු දිග මුහුදේ පර්ත් සිට නැගෙනහිර, බටහිර දෙසින් මෙහෙයුම් කළේ ය. සුන්බුන් බොහොමයක් වරින් වර හමුවූ බව පැවසුණ ද කිසිදු අවස්ථාවක එ්වා යානයේ එ්වා බවට තහවුරු කිරීමට නොහැකි විය.
යානය සොය විමර්ශනයේ යෙදීමට රටවල් 26ක් එ්කාබද්ධ මෙහෙයුම් සිදුකරයි. ගුවන් යානා ඉතිහාසයේ වඩිම රටවල් ගණනාවක් එ්කාබද්ධව සහ ඉතාම පුළුල් ගුවන්, මුහුදු කලාපයක් පුරා අතුරුදන් යානයක් සෙවූ පළමු අවස්ථාව මෙය බවට ද වාර්තා පළව තිබිණ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos