-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මහනුවර නගර සභා සීමාවේ පාසල් ආසන්නයේ පිහිටි වෙළෙඳසල් මගින් සිසුන් ඉලක්ක කරගෙන විකුණන ‘ටොෆියක්’ සම්බන්ධයෙන් දෙමව්පියන් දැඩි භීතියට පත් වී සිටිති.

මේ පිළිබඳ පැමිණිල්ලක් දෙමව්පියන් විසින් බදාදා (19) දහවල් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබේ.

ටොෆි අලෙවියත් සමගපැතිරී යන ආරංචියක් වී ඇත්තේ එය ආහාරයට ගැනීමෙන් වඳ භාවයට පත් වන බවයි.
ටොෆිය බහා තිබෙන කුඩා කවරයේ නිෂ්පාදකයාගේ නමක්, ලිපිනයක් හෝ කල් ඉකුත් වන දිනයක් වැනි කරුණු කිසිවක් අඩංගු වී නැති බව දෙමව්පියන් පවසති.

කුඩා කවරයේ ආකර්ශනීය ස්ටිකරයක් ‍බහා තිබෙන බැවින් සිසු සිසුවියන් ටොෆි මිලදී ගන්න බවත්, ඒවා ආහාරයට ගැනීමෙන් මත්වන සුළු ගතියක් දැනෙන බවත් දෙමව්පියන් කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ බදාදා (19) ම මෙම සිද්ධිය පිළිබඳ වහා පරික්ෂණයක් පවත්වන ලෙසට මහනුවර මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය අංශයට දැනුම් දීමක් කර ඇතැයි දැන ගන්නට තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos