-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තංගල්ල ද නේචර් හෝටලයේ 2011 වසරේ නත්තල් දිනය දා පැවැති සාදයේදී තමාගේ ඔළුවට පයින් පහරදී පිහිනුම් තටාකය  වෙත ඇද දැමූ විත්තිකරු, නඩුවේ පළමු විත්තිකරු වන ලහිරු කැලුම් නමැත්තා බවට වසර 2 කට පසුව රුසියානු ජාතික සුරූපී තරුණිය වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රා මෙනෙවිය විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (26දා) හඳුනා ගන්නා ලදී. එම හඳුනා ගැනීමත් සමඟම තංගල්ල හෝටලයකදී බි්‍රතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කර, ඔහුගේ පෙම්වතිය වූ රුසියානු ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩා සමූහ දූෂණයට ලක් කිරීමේ නඩුවේ සියලුම විත්තිකරුවන් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය ඊයේ නියෝග කළාය.

අදාළ නඩුවේ පළමු සාක්‍ෂිකාරිය වන වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රා මෙනෙවිය රුසියානු අන්තර්ජාතික පොලිසියේ සහ මෙරට ඇමැති ආරක්‍ෂක අංශයේ විශේෂ ආරක්‍ෂාව යටතේ සාක්‍ෂි දීමට කොළඹ මහාධිකරණය වෙත ඊයේ (26දා) පැමිණ සිටියාය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රජයේ ජේ‍යෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙයවීම යටතේ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රා (25) මෙනෙවිය ඊයේ පැය 4කට ආසන්න කාලයක් සාක්‍ෂි ලබා දුන්නාය.

අදාළ අපරාධය කළ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා ඉකුත් 2011 ජනවාරි 06 වැනි දින තමාව තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළද, එදින එහිදී මේ නඩුවේ පළමු විත්තිකරු පැහැදිලිව හඳුනා ගත්තද, ඇතිවී තිබූ භයානක තත්ත්වය සහ ජීවිත අවදානම සැලකිල්ලට ගෙන තමා ඒ බව මහෙස්ත්‍රාත්වරයා වෙත දැනුම්දුන් බවද වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රා මෙනෙවිය ප්‍රකාශ කළාය.

එහෙත් දැන් තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් බවත්, රජය විසින් පූර්ණ ආරක්‍ෂාව සැලසීමට කටයුතු කරන බවත්, එම නිසා නඩු විභාගයේදී සාක්‍ෂි දීමට නොබියව මෙරටට පැමිණි බවත් වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රා මෙනෙවිය කීවාය. මේ නඩුවේ විත්තිකරුවන් වන තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, ලිහිරු කැලුම්, සමන් දේශප්‍රිය, මොහොට්ටිගේ සරත්, චාමික චතුරංග යන විත්තිකරුවන් 05 දෙනා අද (27දා) දින තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට විනිසුරුවරිය නියම කළාය. රුසියානු ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රා මෙනෙවියගෙන්්, විත්තියේ නීතිඥවරු අද (27දා) හරස් ප්‍රශ්න ඇසීමට නියමිතය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos