සිරස සුපර් ස්ටාර් හරහා ප්‍රසංග වේදිකාව ජයගත් නදිනි ප්‍රේමදාස පසුගිය දා පුතෙකු වැදූ බව මේවන විට ප්‍රකට රහසකි.
පුතාට යන්තම් තුන් මස පිරෙද්දිම නදිනි දැන් යළි ප්‍රසංග වේදිකාවලට ගොඩවෙන්නට පටන්ගෙන ඇති බව ද පැවසේ.
ඇය මෙසේ ගී ගැයීමට වේදිකාවලට ගොඩවෙන්නට එන්නේ ඇගේ පුතාද රැගෙන බව වාර්තා වේ.
මේ ළඟදි දවසක එසේ ප්‍රසංගයක ගී ගයන්නට පුතාද රැගෙන ආ නදිනිව වේදිකාවට නග්ගන්නට සංවිධායකයින්ට සොයන්නට සිදුව තිබේ.
ඒ නදිනි ගායක ගායිකාවන්ගේ ලයිස්තුවේ අත්සන් තබා අතුරුදහන්ව සිටි නිසාය.
පසුව වේදිකාව පිටු පස්සේ මුල්ලක සිටියදී සංවිධායකයින් විසින් නදිනිව සොයාගෙන තිබේ.
නදිනි එසේ අත්සන් තබා මුළු ගැන්වී ඇත්තේ ඇගේ පුතා මහ හයියෙන් බෙරිහන්දෙන්නට පටන් ගත් නිසා බව පැවසේ.
කෙසේවුවද සංවිධායකයින් නදිනි සොයාගන්නා විට ඇය වේදිකාවේ නොකියන නැලවිලි ගී කියමින් පුතු නලවමින් සිටි බවද වාර්තා වේ.





