පුද්ගලයන් 239 දෙනෙකු සමග පසුගිය මාර්තු 8 වැනිදා ගුවනේදී අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානය මුහුදට කඩා වැටී ඇත්ද යන්න ඉදිරි පැය 48 තුළ නිශ්චිතවම තීරණය කිරීමට හැකිවනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා.
ඒ, නව නිරීක්ෂණ කලාපයෙන් ගුවන් යානයේ බවට සැක කෙරෙන සුන්බුන් අද ප‍්‍රථම වරට ගොඩබිමට රැුගෙන ඒමට සැළසුම් කිරීම හේතුවෙන්. නිරීක්ෂණ ගුවන් යානා මගින් ඉන්දීය සාගරයේ දකුණු දිග ප‍්‍රදේශයෙන් සුන්බුන් රැුසක් ඊයේ (28) නිරීක්ෂණය කර තිබෙනවා.
ගුවන් යානයේ බවට සැක කරන සුන්බුන් සොයා චීන සහ
ඕස්ටේ‍්‍රලියානු නෞකාද අද එම ප‍්‍රදේශයට ළඟාවීමට නියමිතයි. ඕස්ටේ‍්‍රලියාව, චීනය, ජපානය, නවසීලන්තය, දකුණු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල නිරීක්ෂණ ගුවන් යානා 10 ක් ගුවන් නිරීක්ෂණ කටයුතුවලට එක්ව සිටිනවා.