-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අන්තර්ජාල පහසුකම් නොමැති ලෝකයේ බොහෝ කලාප වෙත ළඟා වීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය, චන්ද්‍රිකා තාක්ෂණය හා ලේසර් තාක්ෂණය භාවිත කිරීමට ෆේස්බුක් සමාගම සැරසෙයි.
සමාජජාල වෙබ් අඩවි පිළිබඳ සංවාද මණ්ඩපයකදී ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් මේ තොරතුරු හෙළි කළේය.
ගුවනේ රඳවන බැලූන ආධාරයෙන් අන්තර්ජාල සම්බන්ධතා ලබාදිමට ගූගල් විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙළට ෆේස්බුක් හි මෙම නව ක්‍රියාමාර්ගය හරහා සෘජු බලපෑමක් ඇතිවන බව නොරහසකි.
අන්තර්ජාල ලෝකයේ ප්‍රබලතමයන් දෙදෙනෙකු වන ෆේස්බුක් මෙන්ම ගූගල් අඩවියටද අවශ්‍යව ඇත්තේ තම සේවාදායකයන් ප්‍රමාණය හැකිතරම් වැඩිකර ගැනීමය. විශේෂයෙන්ම දියුණු වෙමින් පවතින ලෝකය වෙත ගමන් කිරීම ඔවුන්ගේ පරම අභිලාෂය වී තිබේ.
ෆේස්බුක් නව වැඩපිළිවෙළ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු හෙළි කිරීමක් නොවුණත්, ඔවුන් අන්තර්ජාල පහසුකම් ලබාදීම වෙනුවෙන් සූර්ය බලයෙන් ක්‍රියාකරන ඩ්‍රෝන යානා සහ පෘථිවියට ඉතාම සමීපව කක්ෂගත වී ඇති චන්ද්‍රිකා යොදා ගනු ඇත. එමෙන්ම ඇසට නොපෙනෙන අධෝරක්ත ලේසර් කිරණ අන්තර්ජාල වේගය වැඩිකිරීම වෙනුවෙන් භාවිත කරනු ඇත.
පසුගිය වසරේදී ෆේස්බුක් මෙන්ම තවත් තාක්ෂණික සමාගම් කිහිපයක් එකතුව ඉන්ටර්නෙට්.ඕර්ග් ආරම්භ කළේ ලෝකයේ අන්තර්ජාල පහසුකම් නොමැති විශාල පිරිසකට අන්තර්ජාල පහසුකම් ලබාදීමේ අරමුණිනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos