-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දකුණු අප්‍රිකානු ජාලගත අපරාධකරුවන් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා ෙපෟද්ගලික විද්යුත් බැංකු සේවාවන්ට අනවසරව ප්‍රවිෂ්ඨ වී දත්ත සොරා ගෙන ගිණුම් හිමියන්ගේ මුදල් ලක්ෂ ගණනින් කොල්ල කෑ මොරටුව විශ්වවිද්‍යාල ඉංජිනේරුවා ‍ලබන මස 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (28) නියම කෙළේය.
ඊ -බැංකු සේවාවට ප්‍රවිෂ්ඨ වන සැකකරු බැංකුව ලෙස පෙනී සිටිමින් පාරිභොගිකයන් වෙත ඊ -මේල් පණිවිඩයක් මඟින් සිය මුර පදය (pass word) හා භාවිතනාමය ( user name) යාවත්කාලීන කැර ගන්නා ලෙස දන්වන බව පැවසු රහස් පොලිසිය ගිණුම් හිමියන් එසේ සිඳු කරන අවස්ථාවේ දී ඔහුන්ගේ මුර පද්ධතිය හා භාවිත නාමය සොරා ගන්නා බව පැවසීය.
මෙසේ ගිණුම් හිමියන්ගේ තොරතුරු සොරා ගන්නා සැකකරු ඒ බව දකුණු අප්‍රිකානු කොල්ලකරුවන් වෙත දැනුම් දී ඔහුන්ගේ ආධාර ඇතිව මුදල් වෙනත් ගිණුම් වෙත මාරු කරන බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට තිබිණ.
සැකකරු මුදල් තැන්පත් කළ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමේ දී ඒවා මියගිය පුද්ගලයන්ගේ නමට ආරම්භ කරන ලද ගිණුම් බවට තොරතුරු අනාවරණය වී තිබේ. මාතර පදිංචි මෙහොමඩ් නිෂ්බා රාස් ෂෂිධරන් නැමැත්තා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණ.
මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවකු වන මොහු අන්තර් ජාලයේ සයිබා අවකාශයේ සැරිසරන පුද්ගලයකු වන මොහුට ඕනෑම දුරකතන ජාලයකට ද ප්‍රවිශ්ට වීම මෙන්ම පරිගණක ජාලයන්ට ප්‍රවිශ්ටවීමේ පරිනත දැනුමක් ඇති බවට පොලිසිය අධිකරණය කරුණු වාර්තා කොට තිබිණ.
තවද සැකකරු කොල්ලක කෑ මුදල් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවත් දැනටමත් රාජ්‍ය හා පුද්ගලික බැංකු පැමිණිලි ලැබෙමින් පවතින බවට පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. අදාළ කරුණු සළකා බැලු ‍මහේස්ත්‍රාත්වරයා සැකකරු ‍ලබන මස 11 වැනි දින දක්වා රක්ෂිතබන්ධනාගාරගත කරන ලෙස නියම කෙළේය. සැකකරු වෙනුවෙන් නීතිඥ රජිත කොඩිතුවක්කු හා රහස් පොලිසියේ පොලිස් පරික්ෂක සේනාරත්න මහතා පෙනී සිටියේය.
.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos