-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මිනිසකු මෙන් සිතිය හැකි පරිඝනක මෘදුකාංගයක් නිර්මාණය කිරීම සඳහා සැන් ෆ‍්‍රැන්සිස්කෝහි විකාරියස් නම් මෘදුකාංග නිෂ්පාදන සමාගම විසින් උත්සහ දරමින් ඇතැයි වාර්තා වේ.

ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ මිනිස් මොළයේ මස්තිෂ්ක බාහිකය නම් කොටස හා සමාන වැඩසටහනක් සැකසීමයි.

ඇමරිකානු තාක්ෂණික දැවැන්තයන් ගණනාවක් මේ කුඩා සමාගම විසින් ගෙන යන ව්‍යෘපෘතිය සඳහා ආයෝජනය කර ඇතැයි පැවසේ.

වෝල් ස්ටී‍්‍රට් ජර්නලය වාර්තා කර ඇත්තේ ෆේස්බුක්හි නිර්මාතෘ මාක් සකර්බර්ග්, ටෙස්ලා හිමිකරු එලොන් මස්ක් සහ රංගන ශිල්පි ඇෂ්ටන් කුචර් විසින් ආයෝජනය කර ඇති මුදල ඩොලර් මිලියන 40ක් බවයි.
2010දී මේ සඳහා පේ පෑල් හිමිකරු පීටර් තියල් විසින් ඩොලර් මිලියන 1.2ක් යොදවා ඇති අතර ෆේස්බුක් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ඩස්ටින් මොස්කොවිට්ස් විසින් එක්කර ඇති මුදල ඩොලර් මිලියන 15කි.

විකාරියස් විසින් ප‍්‍රතිනිර්මාණය කිරීමට සැරසෙන මස්තිෂ්ක බාහිකය මිලමීටර 3ක් ඝනකමින් යුක්ත වන අතර එහි ඇති ස්ථර 6ක් මගින් සංවේදන ප‍්‍රතිග‍්‍රහණය, අවකාශය වටහාගැනීම, චින්තනය සහ භාෂාව ආදී ක‍්‍රියාකාරකම් සිදුකරනු ලැබේ.

විකාරියස් සමාගම පවසා ඇත්තේ දෘශ්‍ය ප‍්‍රතිග‍්‍රහණ වටහා ගත හැකි පද්ධතියක් ගොඩනැගීම තම මුල්ම ඉලක්කය බවයි.

මෙම තාක්ෂණය භාවිතයෙන් සමාවර්තනීය බාහික ජාලය නම් පරිඝනක පැරඩයිමයක් සකස් වනු ඇතැයි ඔවුන්ගේ අදහසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos