එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවති 20/20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අඩුපන්දුවාර වේගයක් පවත්වාගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා 20/20 නායක දිනේශ් චන්දිමාල්ට තරඟ තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරකවරයා මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය.
මාස 12 ක් ඇතුළත දෙවන වරටත් එම වරද සිදුකිරීමෙන් මෙලෙස ඔහුට එක තරගයක තහනමක් පනවා තිබේ.
මේ හේතුවෙන් දිනේශ් චන්දිමාල්ට නවසීලන්තය සමග එළඹෙන සඳුදා දින පැවැත්වෙන තරගය අහිමිවී යයි.